මේ මැතිවරණය දිනනවා යැයි මාලිමාව හිතනවා නම් එය සිදු නොවන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (21) පැවැති කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන අපේක්ෂක හමුවට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.
“ආණ්ඩුවට බහුතර බලයක් මේ ඡන්දයෙන් ලැබෙන්නේ නෑ. අපි බලන්නේ ඒ බහුතරය එකතු කරගෙන බලය ගන්න. අනිත් කණ්ඩායම් සමඟ එකතු විය යුතුයි. සමඟි ජන බලවේගය ගැන මා දන්නේ නෑ. කණ්ඩායම් කිහිපයක්ම අප සමඟ එකතු වීමට කැමතියි. එසේ කණ්ඩායම් එකතු වූ විට සභාවේ සභාපති තෝරන්නේ වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ගත් කණ්ඩායමෙන්. ඒ නිසා වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ගන්න අපි උත්සාහ කළ යුතුයි. එය අනිත් අය සමඟ හැප්පෙන්නේ නැතිව කළ යුතුයි.
අපට තිබෙන්නේ චීනයට පසු ඉතාම බලසම්පන්න ආණ්ඩුවක්. ආණ්ඩුවෙන් ලියුමක් යැව්වා බදු ගැන. දින අනූවකට බදු ගැහීම කල් දැම්මා. මෙහෙම ආණ්ඩුවක් ලෝකයේ වෙන කොහේවත් නෑ. ඔහොම කතාවලට අප ඇහුම්කන් දෙන්න අවශ්‍ය නෑ.
පාර්ලිමේන්තු මැතිවරණයේදී අවස්ථාවක් දෙන්න කියලා ඉල්ලුවා. ජනතාව අවස්ථාවක් දුන්නා. මම නම් කිව්වේ එල් බෝඩ් අය නොදා පළපුරුදු අය දාන්න කියලා. කොහොම හරි එල් බෝඩ් අය දැම්මා. දැන් වාහනේ හප්පලා ඉවරයි. ගන්න පුළුවන් කෑලි තියෙනවද?
චාමර සම්පත් මන්ත්‍රීවරයාගේ සිද්ධියේදී මා ගැනත් කියලා තිබුණා. මා ඒවා ගැන කියන්නේ නෑ. ඒවා මට වැඩක් නෑ. මගේ නීතිඥවරයා විදේශගතවී ඉන්නේ. ඔහු ආවම දිනයක් යොදාගෙන යනවා. ජනාධිපතිවරයාගේ කතාවට ඇහුම්කන් දුන්නාම මට එක දෙයක් හිතුණා. ඔහු දූෂණ විරෝධී නීතිය කියවලා නෑ. විභාග අවස්ථාවේදී කිසි කෙනකුට ඒ ගැන කතා කරන්න බෑ කියලා දූෂණ විරෝධී පනතේ කිසිම තැනක නෑ. දූෂණය ගැන කතා කළත් පනත කියවලා නෑ. එම පනත සම්මත කළේ මා ජනාධිපති වුණාමයි. මේ පනත සකස් කර ඉදිරිපත් කළේ විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා. අපරාධවලින් උපයා ගත් ධනය රාජසන්තක කිරීම පිළිබඳ පනතත් ඔහු සකස් කළේ. ඔහු දක්ෂයෙක්. මම කියන දේ පිළිගන්නේ නැතිනම් එතුමාගෙන් අහගන්න පුළුවන්. 2022දී මා ජනාධිපති වූ විට දූෂණය ගැන විශාල කතාවක් ඇති වුණා. නීතියේ අඩුපාඩු තිබුණා. ඒ වන විට විමර්ශන කොමිසම හරියන්නේ නෑ. අලුත් නීතියක් අවශ්‍ය බව මම කිව්වා. මම රට භාර ගත් පසු ණය ප්‍රශ්නය විසඳුවා. මිලියන අසූවෙන් බිලියන තුනක් ඉවත් කළා. අවුරුදු තුන හතරෙන් ගෙවන්න තිබු බිලියන විසි පහක් ගෙවන්න අවුරුදු විස්සක් ලැබුණා. ඒ වගේම පොලිය අඩු කළා. සම්පූර්ණයෙන් ගත්තොත් බිලියන 28කට සහනයක් අරන් දුන්නා. ණය ගෙවන්න 2028 දක්වා කල් දුන්නා. ඩොලර් බිලියන 6ක් තිබූ සංචිතය 6. 5ක් කළා.”
ශිරෝමි අබයසිංහ සහ මැද කොළඹ සමූහ