වතු කම්කරුවන්ගේ ආර්ථිකය තත්ත්වය ඉහළ නැංවීමට ජනාධිපතිවරයා පොරොන්දුවූ පරිදි කටයුතු කරන්නේ නම් තම පූර්ණ සහයෝගය ලබා දෙන බව දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක පා.ම. පලනි දිගම්බරම් මහතා පැවසීය.
පලනි දිගම්බරම් මහතා ඒ බැව් කියා සිටියේ හැටන් ප්‍රදේශයේදී 20 වැනි දින මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිනි.
ඒ මහතා මෙසේ ද කීවේය.
“ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 19 වැනි දින තලවකැලේ පැවති රැස්වීමේදී තේ වතු, ඉඩම් වතු කම්කරුවන්ට බෙදාදී වතුකම්කරුවන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ දැමීමට කටයුතු කරන බව කිව්වා.
ජනාධිපතිවරයා එසේ වතුකම්කරුවනගේ ආර්ථික තත්වය ඉහළ දැමීමට කටයුතු කළහොත් තම පූර්ණ සහයෝගය ජනාධිපතිවරයා වෙත ලබාදෙනවා.
වතුකරයේ ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ දැමීමට මම එවැනි යෝජනාවක් මීට ප්‍රථම සිදු කළා. එම නියමු ව්‍යාපෘතිය සිදු කිරීමේදී රජයේ පාර්ශ්වය මැදිහත් වී වතු සමාගම් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන්කර එම නියමු ව්‍යාපෘතිය සිදු කළ යුතුයි.
වත්මන් රජය ලබාදුන් පොරොන්දු කිසිවක් ඉටු නොකර රටේ ජනතාව තවදුරටත් පීඩාවට පත්කරමින් සිටිනවා. ඒ බව රටේ ජනතාව තේරුම්ගෙන ඉන්නවා. එවන් තත්ත්වයක් මත පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගය පළාත් පාලන ආයතන බහුතරයක බලය ලබාගන්නා බව විශ්වාසයි.
හැටන් රංජිත් රාජපක්ෂ