සුදූ ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පලකිරීමටත් ,ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම යෝජනාව ඉදිරිත කර තිබූ අතර ඒ සඳහා පනත් කෙටුම්පත සකස් කිරීමට අනුමැතිය 2025-02-24 ලැබී තිබුණි.
එයට නීතිපතිගේ නිෂ්කාෂණයද හිමි වී ඇත.
නෞකාවන්හි හා කොළඹ වරාය නගරයේ අක්වෙරළ සූදු ක්‍රීඩා ක්‍රියාකාරකම් සහ මාර්ගගත සූදු ක්‍රීඩා ක්‍රියාකාරකම් ඇතුළුව ශ්‍රී ලංකාවේ සූදු ක්‍රීඩා කර්මාන්ත මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් පුළුල් හා පූර්ණ විෂය පථයක් සහිත ස්වාධීන තනි නියාමකවරයෙකු වශයෙන් ක්‍රියා කිරීම සඳහා සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට යෝජනා වී ඇති බවද සඳහන්වේ.