Home » කථිකාචාර්ය හර්ෂ රඹුක්වැල්ල අභාවප්‍රාප්ත වෙයි

කථිකාචාර්ය හර්ෂ රඹුක්වැල්ල අභාවප්‍රාප්ත වෙයි

by sachintha
April 22, 2025 12:59 am 0 comment

විශ්වවිද්‍යාලයීය කථිකාචාර්යවරයකු මෙන්ම ග්‍රන්ථ කතුවරයකු ද වූ ආචාර්ය හර්ෂ රඹුක්වැල්ල මහතා අභාවප්‍රාප්ත විය. අබුඩාබි විශ්වවිද්‍යාලයක සේවය කරමින් සිටියදී ඊයේ (21) හදිසියේ මියයන විට ඒ මහතා 51 වැනි වියේ පසුවිය.

දෙදරු පියකු වූ රඹුක්වැල්ල මහතා මහනුවර ධර්මරාජ විදුහලේ කීර්තිමත් ආදි සිසුවෙකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වූ ඒ මහතා එහි ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාර්යවරයකු ලෙස කෙටි කලක් සේවය කර පසුව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස සේවයට එක්ව තිබේ.

මෙයට වසර තුනකට පමණ ඉහත දී ඒ මහතා අබුඩාබි විශ්වවිද්‍යාලයක කථාකාචාර්යවරයකු ලෙස සේවයට එක්ව ඇත.

අවසන් කටයුතු සිදුකරන දිනය පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහූ පවසති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT