Home » අවුරුදු බස් සේවාවෙන් ලංගමයට මිලියන 1,760ක්

අවුරුදු බස් සේවාවෙන් ලංගමයට මිලියන 1,760ක්

by sachintha
April 22, 2025 1:32 am 0 comment

මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පසුගිය 10 සිට අද (22) දක්වා ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 1,760ක ආදායමක් උපයා තිබේ. පසුගිය 10 සිට ඊයේ (21) දක්වා අලුත් අවුරුදු බස් සේවාව ක්‍රියාත්මක වූ අතර ඒ සඳහා ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා ‘දිනමිණ’ට පැවැසීය. ඊයේ (21) මධ්‍යම රාත්‍රිය දක්වා අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක කර තිබූ බවද හෙතෙම කියා සිටියේය. එමෙන්ම පසුගිය 18 සිට මේ දක්වා මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගි වන සැදැහැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයි ද කියා සිටියේය. ඒ සඳහා කොළඹ මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 15කට ආසන්න සංඛ්‍යාවක් ද යොදවා ඇති බවද හෙතෙම කියා සිටියේය.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT