ශ්‍රී ලංකා – චීන සහයෝගීතාවේ ඉදිරි පැතිකඩ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කියු ෂෙන්ග්හොන් මහත්වරු අතර හමුවක් පවත්වා තිබේ.
පාත්ෆයින්ඩර් පදනම විසින් චීන ශ්‍රී ලංකා සහයෝගීතා අධ්‍යයන මධ්‍යස්ථානයක් 2015 වසරේදී පෑලියගොඩ ස්ථාපිත කරන ලදි.
මෙම මධ්‍යස්ථානය දෙරට අතර බුද්ධි මණ්ඩප, ඉහළ පෙළේ අධ්‍යයනායතන සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සමඟ කටයුතු කරමින් සිටින බව ද එම පදනම පවසයි. ආර්ථීක, සමාජ හා භූ දේශපාලනික කටයුතු ඇතුළු කරුණු සම්බන්ධයෙන් පර්යේෂණ හා විද්වත් අදහස් හුවමාරු කර ගැනීම අරමුණු කරගෙන මෙම සහයෝගීතා මධ්‍යස්ථානය පිහිටුවා ඇත. ඉකුත් දස වසර තුළ දෙරට අතර ආර්ථීක හා සමාජ ප්‍රවණතා සම්බන්ධයෙන් පාත්ෆයින්ඩර් පදනම අනුගමනය කළ ප්‍රතිපත්ති හා සැලසුම් මෙහිදී සාකච්ඡා කර තිබේ.
පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක සහ චීන තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරි ජින් හෙන්සේ මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
මහින්ද අලුත්ගෙදර