Home » මනමාල වංගුවේදී බසයක් ලොරියක ගැටී හමුදා සෙබළු 22කට තුවාල

මනමාල වංගුවේදී බසයක් ලොරියක ගැටී හමුදා සෙබළු 22කට තුවාල

by sachintha
April 22, 2025 1:26 am 0 comment

යුද හමුදා සෙබළු පිරිසක් ගමන් කරමින් තිබුණු බස් රථයක් නිට්ටඹුව – කිරිඳිවැල මාර්ගයේ මනමාල වංගුවේදී ඊයේ (21) උදෑසන ලොරි රථයක ගැටීමේන් සිදුවූ අනතුරකින් හමුදා සෙබළු 22ක් තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කරනු ලැබීය.

එම සෙබළු 22 දෙනාගෙන් 20 දෙනෙක් මූලික ප්‍රතිකාර ලැබීමෙන් පසු රෝහලින් ඊයේ (21) සවස් වන විට පිටව ගොස් තිබිණි.

බස් රථයේ රියදුරු සහ හමුදා සෙබළෙක් වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටි බව රෝහල් ප්‍රකාශකයෙන් සඳහන් කළේය.

අඹේපුස්ස කඳවුරේ සිට පනාගොඩ කඳවුර බලා ගමන්කරමින් සිටි සෙබළු පිරිසක් මෙම බස් රථයේ සිට ඇති බව මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කිරිඳිවැල පොලීසිය සඳහන් කරයි.

අනතුර සිදුව ඇත්තේ බස් රථය මනමාල වංගුව ගැනීමේදී ඉදිරිපසින් ආ ලොරියේ ගැටීමෙන් බව පොලීසිය සඳහන් කළේය. ලොරි රථය ප්‍රසිද්ධ සමාගමකට අයත් භාණ්ඩ බෙදා හරිනු ලබන රථයක් බව පොලීසිය සඳහන් කළේය.

අනතුරින් බස් රථයේ රියදුරු අසුන පැත්තට දැඩි ලෙස හානි සිදුව ඇති බව පොලීසිය කියයි. අනතුරත් සමඟ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන නැවතී තිබේ. මෙම රථය හමුදාව විසින් කුලී පදනම මත පවරාගෙන ඇති පෞද්ගලික බස් රථයක් බවද පොලීසිය සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT