Home » ඉන්දියාවට අත්‍යවශ්‍ය ත්‍රස්තවාදියෙක් කැලිෆෝනියාවේදී කොටුවෙයි

ඉන්දියාවට අත්‍යවශ්‍ය ත්‍රස්තවාදියෙක් කැලිෆෝනියාවේදී කොටුවෙයි

by sachintha
April 22, 2025 1:03 am 0 comment

ඉන්දියාවේදී සිදු කළ මාරාන්තික ප්‍රහාරමාලාවක් සම්බන්ධව අත්‍යවශ්‍ය පුද්ගලයකු ලෙස නම් කර ඇති සික් ජාතිකයකු කැලිෆෝනියා ප්‍රාන්තයේදී අත්අඩංගුවට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දේශසීමා ත්‍රස්තවාදය සම්බන්ධව ගෝලීය අවධානය යොමු කරමින් අමෙරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (එෆ්බීඅයි) විසින් අත්අඩංගුවට ගනු ලැබූ එම පුද්ගලයා හර්ප්‍රීත් සිං නමැති ත්‍රස්තවාදියකු බවත්, ඔහු පාකිස්තාන අන්තර් සේවා බුද්ධි අංශය හා ඉන්දියාවේ වෙනම රාජ්‍යයක් ඉල්ලා සටන් වදින කලිස්තාන හිතවාදී අන්තවාදී සංවිධානයක් වන බබ්බාර් කල්සා ජාත්‍යන්තර සංවිධානය සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයකු බවත් නිවේදනයක් නිකුත් කරමින් එෆ්බීඅයි සංවිධානය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

අදාළ පුද්ගලයා නීතිවිරෝධී අයුරින් අමෙරිකාවට සේන්දු වී ඇති අතර, දුරකතන හා සංකේතාත්මක පණිවුඩ යෙදුම් භාවිත කරමින් මාස ගණනාවක් පුරා සැඟවී සිටි අයකු බව වාර්තා වේ. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් දේශසීමා ත්‍රස්තවාදය හා ගෝලීය ආරක්ෂක තර්ජන පිටුදැකීම සඳහා අමෙරිකාවේ දායකත්වය පෙන්නුම් කරන බව එෆ්බීඅයි සංවිධානය ප්‍රකාශ කර තිබේ.

හර්ප්‍රීත් සිං පසුගිය කාලයේ ඉන්දියාවේ සිදුවූ ත්‍රස්ත ක්‍රියාකාරකම් 16කට පමණ සම්බන්ධ බවට තහවුරු වී තිබූ බවත්, ඔහු පිළිබඳ තොරතුරු සපයන්නකුට ඉන්දීය රුපියල් ලක්ෂ 5ක මුදල් ත්‍යාගයක් පිරිනමන බවට ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය නිවේදනය කර තිබූ බවත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT