රතු මුහුදේදී අමෙරිකානු යුද නැව්වලට ප්‍රහාර එල්ල කිරීම සඳහා යේමනයේ හවුති කැරලිකරුවන්ට චීනයට සම්බන්ධ චන්ද්‍රිකා සමාගමක තාක්ෂණය ලැබී ඇතැයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා ටැමී බෘස් ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. චීනයේ චැංග් ගුවාං චන්ද්‍රිකා තාක්ෂණ සමාගම අමෙරිකානු නෞකාවලට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට හවුති කැරලිකරුවන්ට ඍජුවම සහාය දෙන බව තහවුරු වී ඇතැයි ඇය පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළ බව රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
ගෝලීය සාමයේ මැදිහත්කරුවකු ලෙස කටයුතු කරන බවට චීනය ප්‍රකාශ කළද, චීන රජය සහ එරට පදනම් කරගත් සමාගම් රුසියාවට, උතුරු කොරියාවට සහ ඉරානයට මෙන්ම එම රටවලට සහාය පළ කරන කණ්ඩායම්වලට ආර්ථික හා තාක්ෂණ සහාය ලබා දෙන බව පැහැදිලි වී ඇතැයි ද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.