ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු පුද්ගලික සමාගම යනු ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රධාන ආයතන 16න් එක් ආයතනයකි. ලක්දිව ඉංජිනේරු සමාගම මඟින් සිදු කරනු ලබන්නේ, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ පුද්ගලික බස් හිමියන්ගේ අබලන්වන මගී බස් රථ සහනදායි මිලකට උසස් තත්ත්වයෙන් අලුත්වැඩියා කොට ධාවනයට එක් කිරීමයි.
ලංගම යනු කාලයක් මෙරට පුරා කීර්තිය ඉසිලූ ආයතනයකි. එහෙත් කාලයත් සමඟ ලංගම ආණ්ඩුවට බරක් වූ වැඩකට නැති ආයතනයක් බවට පත්විය. එහෙත් ලංගමය යනු ඕනෑම මොහොතක අවදි කළ හැකි යෝධයෙකි. අවශ්‍ය වන්නේ ඒ සඳහා වූ නායකත්වයක් පමණි. ලංගමයේ ප්‍රධානම උප ආයතනයක් වන්නේ ලක්දිව ඉංජිනේරු සමාගමයි. ඒකල වැඩපළ ලෙස ප්‍රකට වූ මේ ආයතනය කාලයක් පුරා ලංගමට අවශ්‍ය කරනු ලබන බස් රථ අලුත්වැඩියා මෙන්ම බස් රථ බොඩි නිර්මාණය කිරීම ආදිය සඳහා විශාල දායකත්වයක් ලබාදෙන ලදි. එහි ස්වර්ණමය යුගය වූයේ හැත්තෑව දශකයයි. එහෙත් අසූව දශකයේ සිට ලක්දිව සමාගම පාඩු ලබන සහ වැඩකට නැති රටට බරක් වූ ආයතනයක් බවට පත්විය. මහාමාර්ග සහ ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ පාලනය වූ මෙම ආයතනය පසුගිය කාලයේදී ඈවර කිරීම සඳහා නම් කරන ලද ආයතනයකි. එහෙත් නිසි ලෙස නායකත්වය ක්‍රියා කරනවා නම් ඉක්මනින් බලගැන්විය හැකි ආයතනයක් ලෙස මෙම ආයතනය හඳුනා ගනු ලැබුවේ ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වූ පසුවය. මේ සියලු බාධක මැද මාස හයක් තුළ මෙම සමාගම නැවත ලාභ ලබන සහ සේවකයන් වෙත ප්‍රසාද දීමනා ලබාදෙන රාජ්‍ය සමාගමක් බවට පත්ව තිබේ. දැනට ආරම්භයක් ලෙස මෙම සමාගම විශාල ඉදිරි ගමනක් ආරම්භ කර තිබෙන අතර මෙරට තුළ බස් එකලස් කිරීම වැනි පුළුල් ව්‍යාපාරික කටයුත්තක් සඳහා වුවද මෙම සමාගම යොදා ගැනීමට හැකියාව තිබේ. එමඟින් මෙරට මෝටර් රථ කර්මාන්තය සඳහා විශාල පිටිවහලක් සලසා ගැනීමට හැකියාව තිබේ.
ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු පුද්ගලික සමාගම යනු ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රධාන ආයතන 16න් එක් ආයතනයකි. ලක්දිව ඉංජිනේරු සමාගම මඟින් සිදු කරනු ලබන්නේ, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ පුද්ගලික බස් හිමියන්ගේ අබලන්වන මගී බස් රථ සහනදායි මිලකට උසස් තත්ත්වයෙන් අලුත්වැඩියා කොට ධාවනයට එක් කිරීමයි.
මෙම සමාගම පසුගිය රජය යටතේ ඈවර කිරීමට නියමිතව තිබිණි. කෙසේවෙතත්, නව රජය පත්වීමෙන් අනතුරුව මෙම ආයතනයට විශේෂ අවධානයක් යොමු කළ අතර නව සභාපතිවරයෙකු යටතේ කටයුතු ආරම්භ කරන ලදි. ඒ අනුව, ලක්දිව ඉංජිනේරු සමාගම 2024 දෙසැම්බර් මාසයේදී බස් රථ 03ක්, 2025දී ජනවාරි මාසයේදී බස් රථ 12ක් සහ පෙබරවාරි මාසයේ බස් 28ක් සහ මාර්තු මාසයේදී බස් රථ 22ක් එකලස් කරන ලදි. ඒ අනූව ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම සිය කාර්යක්ෂමතාවය සියයයට සියයකින් වර්ධනය කරමින් මාස 4ක් ඇතුළතදී බස් රථ 65ක් ධාවනය සඳහා මුදා හැරීමට සමත් විය.
එමෙන්ම මේ වන විට එම ආයතනයේ සේවකයින්ට දීමනා ලබාදිය හැකි අන්දමින් දියුණු තත්වයට පත් කර ඇති බවත් ඉදිරියේදී රජයේ වාහන අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් මෙහි ආරම්භ කිරීමට අදහස් කරන බවත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පසුගියදා මෙහි සිදු කළ සංචාරයෙන් පසුව ප්‍රකාශ කළේය.
වත්මනෙහි පවත්නා ඒකල ලක්දිව ඉංජිනේරු පුද්ගලික සමාගම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඒකල මධ්‍යම වැඩපළ නමින් ආරම්භ කළේ 1974 මාර්තු මස 14 වනිදාය. 1993 ජූනි මස 14 වැනිදා එම ආයතනය ජනතාකරණ සංකල්පය යටතේ ඒකල ඉංජිනියරින් වර්ක්ස් ලෙසින් නම් කෙරිණ. ඒවන විටත් එහි සේවකයින් තුන්දහසකට අධික සංඛ්‍යාවක් සිටි නමුත්, 1994 දෙසැම්බර් මස 19 වැනිදා සමාගම වසා දමන ලදි. එය රජය සතු සමාගමක් ලෙසට නැවත වරක් ආරම්භ වන්නේ 2001 වසරේ අප්‍රේල් මාසයේ දීය. කෙසේ නමුත් එතැන් සිට 2018 වසර දක්වාම මෙම සමාගම සක්‍රියව පැවතියේ, මහා භාණ්ඩාගාරයේ ප්‍රතිපාදන මත වේ. ආයතනයේ වැඩපළ අක්කර 24 කින් යුක්ත වේ.
සැබැවින්ම මෙය ආරම්භයක් පමණි. තවදුරටත් කළ හැකි බොහෝ දේ තිබේ. එනිසා ලක්දිව වැනි දේශීය වාහන කර්මාන්තයට අතහිත දිය හැකි සමාගම් ශක්තිමත් කරන අතර පිටරටින් බස් රථ ආනයනය කිරීම වෙනුවට මෙරට අබලන් බස් රථ නැවත අලුත්වැඩියා කර ධාවනයට එකතු කිරීම මඟින් මෙරට සතු විදේශ සංචිත ආරක්ෂා කර ගැනීමටද හැකියාව තිබේ.
එම්. තාරික්