Home » කර්මාන්ත නවෝදයට කොරියානු සහාය ඇමැති-තානාපතිනි හමුවක්

කර්මාන්ත නවෝදයට කොරියානු සහාය ඇමැති-තානාපතිනි හමුවක්

by sachintha
April 22, 2025 1:05 am 0 comment

කොරියානු ජනරජය හා ශ්‍රී ලංකාව අතර ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම පිළිබඳව එරට තානාපතිනි Miyon LEE මහත්මිය සමඟ විශේෂ සාකච්ඡාවක් පසුගියදා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැත්විණ.

මෙහිදී සුප්‍රසිද්ධ කොරියානු සන්නාමවලට ලංකාවේ ආයෝජනය සඳහා ආරාධනා කළ අතර එම ආයෝජකයන් සඳහා අවශ්‍ය සියලු පහසුකම් කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රමුඛ රජය විසින් ලබාදෙන බවට සහතික විය. එමෙන්ම කොරියානු ජනරජයේ තානාපතිනි Miyon LEE මහත්මිය තම රටේ ක්‍රියාත්මක කරන සමුපකාර බැංකු පද්ධතිය කොරියානු ආර්ථිකය වර්තමානයේ පවතින ඉහළ මට්ටමට ළඟා වීමට සුවිශේෂි සහයක් ලබාදුන් බවත් ශ්‍රී ලංකාවේද එවැනි බැංකු පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බව පැවසුවාය.

එසේම කොරියානු ජනරජයේ ඉලෙක්ට්‍රොනික උපාංග හා තොරතුරු තාක්ෂණික ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා රැගෙන ඒමට කැමැත්ත පළ කළ ඇය එම ක්ෂේත්‍රවල නිෂ්පාදන මෙරට තුළ සිදුකර එම නිෂ්පාදන දකුණු ආසියානු වෙළෙඳපොළට යැවීමේ අවස්ථාව පිළිබඳව ද අවධානය යොමු කරන ලදි.

මෙම සාකච්ඡාව සඳහා කොරියානු ජනරජ තනාපති කාර්යාලයේ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානී Eunji Kang හා අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් රසිදු මාරගල යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

උදිත ගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT