150
අද (22) පස්වරුවේ මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
මාතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙක් වෙනත් බන්ධනාගාරයක් වෙත රැගෙනයෑමට උත්සාහ කිරීමේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇත.
එහිදී වාට්ටුවකින් පිටතට පැමිණ ඇති රැඳවියන් පිරිසක් ඊට විරෝධය පළ කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති අතර ඒ අනුව තත්ත්වය පාලනය කිරීමට අහසට වෙඩිතබා ඇති බව පැවසෙයි.
මේ වනවිට එහි පිටත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා තිබේ.