Wednesday, April 23, 2025
Home » සජබ ආනන්ද පාලිතගෙන් මිලියන 500ක වන්දියක් ඉල්ලා තෙල් සංස්ථා සභාපති නඩු පවරයි

සජබ ආනන්ද පාලිතගෙන් මිලියන 500ක වන්දියක් ඉල්ලා තෙල් සංස්ථා සභාපති නඩු පවරයි

by yasara
April 22, 2025 9:44 pm 0 comment

සමඟි ජනබලවේග පක්ෂයට අනුබද්ධිත වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කාර ආනන්ද පාලිත විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග ගබඩා සමාගමේ සභාපති ඩී.ජේ  රාජකරුණා මහතාගේ කීර්තිනාමයට සිදු කළ හානියකට එරෙහිව රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ අද (22) නඩුවක් පවරා තිබෙයි.

වගඋත්තරකාර ආනන්ද පාලිත යන අය පසුගිය දෙසැම්බර් 17 වැනිදා කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී හිතා මතා සිදුකළ අසත්‍යය ද්වේෂ සහගත ප්‍රකාශයක් පිළිබඳව මෙලෙස නඩු පවරා ඇත.

ඛනිජ තෙල් සංස්ථාවේ හා ඛනිජ තෙල් තොග ගබඩා සමාගමේ සභාපතිවරයා ලෙස අරුණ ශාන්ත මහතා පත්වීමෙන් පසු වැටුප් හා දීමනා ඉහළ නංවා ගත් බවට හා ඉතා නාස්තිකාර ලෙස මුදල් වියදම් කරන බවට අසත්‍ය ප්‍රකාශයක් කිරීම මඟින් කීර්තිනාමයට සිදූවූ හානියට මෙලෙස නඩු පවරා ඇති බව වාර්තා වෙයි.

මෙම ද්වේශ සහගත ප්‍රකාශය ප්‍රචාරය කළ අරුණ පුවත්පත පළ කරන ලිබර්ටි පබ්ලිෂර්ස් පෞද්ගලික ආයතනයට විරුද්ධව ද රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා නඩු පැවැරීම ද සිදු කර ඇත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT