පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා කමිටුවක් පත්කළ බව පොලිසිය සඳහන් කරයි.
එහි ප්‍රධානත්වය දරන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතායි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂක එම කමිටුවේ ඉතිරි සාමාජිකයින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියි.
මේ අතර මෙම කමිටුව මඟින් තවත් අනුකමිටු ගණනාවක් පිහිටුවා ඔවුන් විසින් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඒ අනුව මතුවන නව කරුණු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.