ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථවීමට හේතුව ආඝාත තත්ත්වයක් මත ඇති වූ හෘදයාබාධයක් බව වතිකානය නිවේදනය කරයි.
වෛද්‍යවරුන් පවසන්නේ ඉන් පසුව කෝමා තත්වයක් සහ හෘද සංසරණ බිඳවැටීමක් මරණයට හේතු වී ඇති බවයි.
වතිකානයේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරිය විසින් නිල සහතිකය නිකුත් කර ඇත.
වෛද්‍ය වාර්තාවට අනුව, පාප් වහන්සේට නියුමෝනියාව, බ්‍රොන්කයික්ටේස්, අධි රුධිර පීඩනය සහ දෙවැනි වර්ගයේ දියවැඩියාව නිසා ඇතිවන උග්‍ර ශ්වසන අපහසුතාවයේ රෝග ඉතිහාසයක් තිබූ බව වාර්තා වේ.
නිදන්ගත පෙනහළු රෝගයකින් පෙළුණු සහ තරුණ වියේදී එක් පෙනහල්ලක කොටසක් ඉවත් කරන ලද ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, පෙබරවාරි 14 වන දින රෝමයේ ජෙමෙලි රෝහලට ඇතුළත් කරනු ලැබීය.
පසුව එය ද්විත්ව නියුමෝනියාව දක්වා වර්ධනය විය. උන්වහන්සේ රෝහලේ දින 38ක් ගත කළ අතර එය ඔහුගේ වසර 12 ක පාප් පදවියේ දීර්ඝතම රෝහල්ගත කිරීමයි.
මාර්තු 23 වන දින ඔහු රෝහලෙන් පිටව ගිය අතර පසුගිය ඉරිදා ඔහුගේ අවසන් මහජන දැක්ම සිදු විය.
උන්වහන්සේ ශාන්ත පීතර චතුරශ්‍රයේ සංචාරයක නිරත වූ අතර ශාන්ත පීතර බැසිලිකාවේ මධ්‍යම බැල්කනියේ සිට කෙටි සුබ පැතුම් එක් කරනු ලැබීය.
මේ අතර, උන්වහන්සේගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳ තීරණය කිරීම සඳහා කාදිනල්හිමිවරුන්ගේ මණ්ඩලය අද වතිකානු නගරයේ සිනොඩ් ශාලාවේදී රැස්වීමට නියමිතය.
එමෙන්ම, පාප්වහන්සේ ස්වර්ගස්ථවීම හේතුවෙන් වතිකානයේ වැඩබලන ප්‍රධානී ලෙස කෙවින් ෆැරල් කාදිනල් හිමිපාණන් පත් කර තිබේ.