මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මන්නාරම් හන්දිය ප්‍රදේශයේ මේ දිනවල වල් අලින්ගෙන් ජනතාව හට දැඩි හානි සිදුවෙමින් පවතින බව ගම්වාසීහු පවසති.
මේ දිනවල එම ගම්මානයට වල් අලින් පස්දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් පැමිණ ගම්මානයේ දේපළ සහ වගාවන් වලට හානි සිදු කරමින් සිටිති.
එම හේතුව නිසා එම ප්‍රදේශයේ ජනතාවගේ ජන ජීවිතවලට ද දැඩි ලෙස බලපෑම් එල්ල වෙමින් පවති.
ඒ අනුව පසුගිය දිනවල ගම්වැදුනු අලින් ගම්මානයේ නිවාස කිහිපයක්ටත්,වී ගබඩාවක් සහ ගෙවතුවල වගා කර තිබෙන පොල්,කෙසෙල්,අඹ,ගස්ලබු වැනි බෝගයන්ටද දැඩි ලෙස හානි සිදුකර ඇත. මේ හේතුව නිසා රාත්‍රී කාලයේදී, හදිසි අවස්ථාවකදී හෝ නිවසින් බැහැරව යාමටවත් නොහැකි තත්ත්වයක් ගම්වාසීන්ට උදාවී ඇත.
විටෙන් විට දේශපාලකයින් තම බලය තහවුරු කර ගැනීමේ අරමුණින් වල් අලි ගැටලුවට විසදුම් ලබා දෙන බව පවසා ජනතාව මුලා කරමින් ඡන්දය ලබා ගන්නා බවත් මේවන විට එසේ ප්‍රකාශ කළ දේශපාලකයින් මෙම ගම්මාන අසලින්වත් නොයන බවත් ගම්වාසීහු පවසති. ඒ අනුව අලි මිනිස් ගැටුම දිගෙන් දිගටම උග්‍ර වෙමින් පවති. එහි ප්‍රතිපල ලෙස දිනෙන් දින මිනිස් ජීවත වල් අලින්ගෙන් අහිමි වන අතර වල් අලින්ගේ ජීවිතද අකාලයේ අහිමි වෙමින් පවති.
ඒ අනුව මුරියාකඩවල ඇලට වැටී පසුගියදා මෙලෙස අවාසනාවන්ත ලෙස වල් අලියෙකු මිය ගොස් තිබුණේ අලි මිනිස් ගැටුම හේතුවෙන් කිපී ඇති ජනතාවගේ සහයෝගයක් නොමැති වීම හේතුවෙනි. තරමක් අසනීප තත්ත්වයේ සිටි මෙම වල් අලියා හට වන ජීවි නිලධාරින් ප්‍රථිකාර සිදු කලත් වල් අලියාහට මෙලොව හැර යාමට සිදු වූයේ වල් අලින්ගෙන් බැට කන ජනතාවගේ මුවගට සතුටක් එක කරමින් සහ පරසර හිතකාමි ජනයාගේ නෙතගට කදුලු ගෙන එමින්ය.
මෙම ගැටලු සඳහා බලධාරින් මැදිහත්ව කඩිනමින් විසදුම් ලබා දිය යුතු බවත් ඒ පිළිබඳ අදාල බලධාරින් අදාල අංශ දැණුවත් කරමින් ජන ජීවතවල ආරක්ෂාව තහවුරු කර දෙන ලෙසට බලධාරින්ගෙන් ගම්වාසීහු ඉල්ලා සිටිති.