අනියම් පෙමක් දුරදිග යෑම හේතුවෙන් පුද්ගලයකු කපා කොටා ඔහුගේ රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා යතුරුපැදිය ගිනි තැබූ සැකකරුවන් දෙදෙනෙකු ඉකුත් 17 වැනිදා පස්වරුවේ දිඹුලපතන පොලීසිය වෙත භාර වී ඇත.
තුවාල ලැබූ යතුරුපැදිකරු හැටන් කොටගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු කොටගල ප්‍රදේශයේම කාන්තාවක් සමඟ මීට වසර පහකට පමණ ප්‍රථම නීත්‍යානුකූලව විවාහ වී ඇත. තුවාලකරු කොටගල ප්‍රදේශයේම පදිංචි තවත් කාන්තාවක් සමඟ අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එයට විරුද්ධ වූ නීත්‍යනුකූල බිරියට අලවංගුවකින් හිසට පහර දී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් දිඹුලපතන පොලීසිය නීත්‍යනුකූල බිරිය, ඇයගේ පවුලේ සාමාජිකයන් සහ මෙම පුද්ගලයා ඉකුත් 17 වැනිදා පස්වරුවේ කැඳවා විභාග කර ඇති අතර එහිදි සැමියා විසින් සිය බිරිය සමඟ සමගියෙන් සිටින බවට පොලීසියේදි පොරොන්දු වී පැමිණ සිටියදී සිය අනියම් බිරිය සමඟ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගලදී සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටි සිය සහෝදරියගේ සැමියාව ඇගේ සහෝදරයන් විසින් පිහියකින් කපා පහර දී මාමණ්ඩිය විසින් ඔහුට ලබා දුන් යතුරුපැදියද ගිනි තබා සැකකරුවන් දෙදෙනා පොලීසියට භාර වූ බවයි දිඹුලපතන පොලීසියේ නිලධාරින් පවසා සිටියේ.
තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත යොමුකර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කරන බව දිඹුලපතන පොලීසියේ නිලධාරියෙකු පැවසීය.
නෝර්වුඩ් – රංජිත් රාජපක්ෂ