Home » වනඅලි අරසන්වැව විහාරස්ථානයේ බෝ ගස වනසලා

වනඅලි අරසන්වැව විහාරස්ථානයේ බෝ ගස වනසලා

by sachintha
April 21, 2025 1:24 am 0 comment

වනඅලි රංචුවක් මහකුඹුක්කඩවල, අරසන්වැව බෝධිරුක්ඛාරාම විහාරස්ථානයට කඩා වැදී දැවැන්ත බෝ වෘක්ෂයේ අතු කඩා දමා විනාශ කර ඇති බව දායක සභාව පවසති.

ගම්මානවලට කඩා වැදී ඇති වනඅලි රංචු නැවත වනාන්තර වෙත පලවා හරින මෙහෙයුම මාසයකට ආසන්න කාලයක් තිස්සේ ක්‍රියාත්මකව මෙම කලාපවල රැඳී සිටි වනඅලි 50කට ආසන්න පිරිසක් නැවත තබ්බෝව අභයභූමිය ඇතුළු වනාන්තර පද්ධති වෙත පලවා හැරීම සිදුව තිබූ නමුත්, එම මෙහෙයුමින් පසු ආපසු එම ප්‍රදේශ වෙත කඩා වැදී ඇති හත් දෙනෙකුගෙන් යුත් වනඅලි කණ්ඩායමක් මෙලෙස නැවත ජන ජීවිතය අවුල් කරමින් සැරිසරන බව ප්‍ර දේශවාසීහු පවසති.

එසේ කඩා වැදුණ වනඅලි රංචුව පෙරේදා (19) අලුයම අරසන්වැව විහාරස්ථානයට කඩා වැදී බෝ ගසට පහර දී දැවැන්ත අතු කඩා වනසා දමා ඇති බව දායක සභාව පවසති.

සිද්ධිය සැලවීමත් සමඟ පළාත් පාලන හා පළාත් සභා ඇමැති ආචාර්ය චන්දන අබේරත්න මහතා එම ප්‍රදේශයට ගොස් ගම්මානවල රැඳී සිටින වනඅලි රංචු නැවත පලවා හැරීමට වනජීවී නිලධාරීන්ව දැනුම්වත් කිරීම සිදුව තිබුණි.

පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT