Home » පුංචි ඡන්දය ගැන සාකච්ඡාවක් අද

පුංචි ඡන්දය ගැන සාකච්ඡාවක් අද

by chanaka
April 21, 2025 11:45 am 0 comment

පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත්වන සියලුම දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල ලේකම්වරුන් ද අද(21) මැතිවරණ කොමිෂන් සභාවට කැදවා ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්.ඒ රත්නායක මහතා සඳහන් කළේ, පළාත් පාලන ඡන්ද විමසිමේ කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටලු හා ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා ඔවුන් මෙලෙස කැඳවා ඇති බව ය.

මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වීමට නියමිත බව වාර්තාවේ.

මැතිවරණ නිරීක්ෂණ සංවිධානද අද දිනයේ මැතිවරණ කොමිසමට කැඳවා තිබෙන අතර ඔවුන්ගේ නිරීක්ෂණ කටයුතු සහ ඉදිරියෙදි කටයුතු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන අතර මතුව ඇති ගැටලු පිළිබඳවද අද සාකච්ඡාවක් පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT