පළාත් පාලන මැතිවරණයට අලියා ලකුණ යටතේ තරග කරන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක අපේක්ෂිකාවන් ඉතාමත් උනන්දුවෙන් සංවිධාන කටයුතු සිදු කරන බවත් මෙවර විශාල ජයග්‍රහණයක් අපේක්ෂා කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ගම්පහදි සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කරන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක අපේක්ෂිකාවන් දැනුම්වත් කිරීම සඳහා ගම්පහ උත්සව ශාලාවක පැවති හමුවකදි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය නායකවරයා එසේ පැවසීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා,
Òවත්මන් රජය අද වනවිට බොරුවෙන් කටයුතු කරන ආකාරය ජනතාව හොඳින් තේරුම් ගෙන සිටිනවා. මාලිමාවෙන් කළ එකම කටයුත්ත මේ රටේ වඳුරන් කී දෙනෙක් ඉන්නවා ද කියලා හොයලා බැලීම පමණයි.
මේ ගොල්ලෝ රටට කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා කළ දේවල් මෙතුමන්ලා කළා කියලා. රනිල් මහතා රට බංකොලොත්භාවයෙන් නිදහස් කිරීම මෙයාලා විසින් කළ බව අද කියනවා. රටේ පෝලිම් යුගය නතර කළේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. දැන් එය මාලිමා රජය මඟින් කළ බව කියනවා. අනුන් කරපු දේවලට ලකුණු දාගන්න ආණ්ඩුවක් තමයි දැන් තියෙන්නෙ.
අපිට මෙයාලගෙන් ප්‍රශ්නයක් වෙලා නැහැ. අපි මැතිවරණයෙන් ජයග්‍රහණය කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කළ දේවල් වගේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ඉන්දියාව විවේචනය කරපු මාලිමාව අද ඒ සියල්ල කණපිට ගසා කටයුතු කරනවා. තමන්ටත් අවශ්‍ය මේ රට නිවැරදි තැනකට ගෙන එමින් තරුණ පිරිසට හොඳ අනාගතයක් සලසාදීම පමණයි.“
මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ එජාප මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය,
Òමෙම පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරවීම පිණිස බිම් මට්ටමින් සූදානම් වෙනවා. පක්ෂයේ ශක්තිය සහ එක්සත් ජාතික පක්ෂයට ඇති ගමේ ශක්තිය පෙන්නුම් කිරීමට අපි කටයුතු කරනවා.
අලියා මේ මොහොතේ වැටී ඇති බව ඇතැමුන් ප්‍රකාශ කළත් අලියා වැටිලා ද කියලා වැඩි කල් යෑමට පෙර දැන්මම බොහෝ දෙනා තේරුම් ගෙන සිටිනවා. දැන් වැඩි දෙනා කතා කරන්නෙ රනිල් වික්‍රමසිංහ මහතා ගැන.
ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකසිය පනස් නව දෙනකුත් සිටින නිසා රට යහපත් තැනකට ගෙන යාවිය කියල අපි බලන් ඉන්නවා. නමුත් මෙයාලා කියපු කිසිම දෙයක් වෙලා නැහැ.
අද බටලන්ද ගැන විවාදයේදි ආණ්ඩු පක්ෂයේ අය අඬනවලු. ඒ කාලෙ අපේ මැරුණ අය වෙනුවෙන් අඬන්නෙ කවුද? මේවටත් ඒ අය පිළිතුරු දිය යුතුයි.Ó
මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා ද අදහස් දැක්වීය. පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක, හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, බස්නාහිර පළාත් කළමනාකාර ජෙයරාජ් චන්ද්‍රසේකර, හිටපු පළාත් සභා මන්ත්‍රී කිත්සිරි මංචනායක, ගම්පහ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී සමීර රන්දෙණිය සහ ගාමිණී පරණයාපා මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ගම්පහ අතිරේක