පාස්කු ඉරුදින ප්‍රහාරයේ 6 වැනි වසර සිහි කිරීමේ වැඩසටහන අද (21දා) කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සර්ව ආගමික නායකයන්, තානාපතිවරුන් සහ වින්දිත ජනතාවගේ සහභාගීත්වයෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේදී පැවැත්විණි.
එහිදී පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් බවට පත්වූ ජනතාවගේ විශ්වාසයේ අත්දැකීම් ඇසුරෙන් සිළුමිණ මාධ්යෙව්දිනි සුරේකා නිල්මිණි ඉලංකෝන් විසින් සම්පාදිත ‘පාස්කු යාගය ලෙයින් පිදූ විරුවෝ’නමැති කෘතිය ජනගත කිරීම සිදුවිය.
කතුවරිය විසින් එහිදී කෘතියේ මුල් පිටපත් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට, ශ්‍රී ලංකාවේ අපෝස්ලික තානාපති අතිඋතුම් බ්‍රයන් උඩයිග්වේ හිමිපාණන්ට සහ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ට පිළිගන්වනු ලැබුවාය.