“සිරි දළදා වන්දනාව” අවස්ථාවේදී ලබාගත් ඡායාරූපයක් ලෙස නිරූපණය වන පරිදි සමාජ මාධ්‍යවල සංසරණය වන “දළදා වහන්සේගේ” ඡායාරූපය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
“සිරි දළදා වන්දනාව” සඳහා පැමිණි පුද්ගලයකු විසින් ලබාගන්නා ලද ඡායාරූපයක් බවට නිරූපණය වන එම ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
“සිරි දළදා වන්දනාව” සඳහා සහභාගි වන බැතිමතුන්ට තම ජංගම දුරකතන ක්‍රියාකාරී තත්ත්වයෙන් තබා ගැනීමට හෝ දළදා වහන්සේගේ ඡායාරූප ලබා ගැනීමට කිසිදු අවසරයක් දී නොමැති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. එසේ තිබියදී මෙම සංසරණය වන ඡායාරූපය දළදා වන්දනාව පැවැත්වෙන කාල සීමාවේදී ලබා ගන්නා ලද ඡායාරූපයක්ද යන්න හා මෙය කවුරුන් විසින් ගන්නා ලද ඡායාරූපයක්ද, නැතිනම් සංස්කරණය කරන ලද ඡායාරූපයක්ද යන්න අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.
ගයාන් කුමාර වීරසිංහ