Home » දළදා වන්දනාවට ආ දරුවන්ට තවත් අත්දැකීමක්

දළදා වන්දනාවට ආ දරුවන්ට තවත් අත්දැකීමක්

by sachintha
April 21, 2025 1:57 am 0 comment

දළදා වන්දනාව සඳහා මවුපියන් සමඟ මහනුවරට පැමිණ සිටින කුඩා දරුවන්ට පෝලිම්වල රැඳී සිටියදී දැනෙන කාන්සිය මඟහැරවීම සඳහා චිත්‍ර ඇඳීමට අවස්ථාවක් ලබා දීමට බුද්ධශාසන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව පෝලිම්වල රැඳී සිටින කුඩා දරුවන් පන්සියයකට දෛනිකව චිත්‍ර ඇඳීමේ අවස්ථාවක් උදාවී තිබේ. මෙම වැඩපිළිවෙළ යටතේ දළදා වන්දනාව පැවැත්වෙන දින 10 දී දරුවන් 5000කට චිත්‍ර ඇඳීම සඳහා අවස්ථාව ලබා දීමට සැලසුම් කර තිබෙන බව බුද්ධශාසන අමාත්‍යාංශයේ සංවර්ධන කටයුතු භාර සහකාර ලේකම් සමන්ති නාගහතැන්න මහත්මිය පැවසුවාය.

සිතුවම් අඳින දරුවන් සඳහා වටිනා සහතික පත්‍රයක් ලබාදෙන අතර පෙන්ටියම් ආයතනය චිත්‍ර ඇඳීමට අවශ්‍ය බෝඩ් හා පැස්ටල් ආදී සියලුම ද්‍රව්‍යද සපයනු ලබයි. එම්.ඩී. ගුණසේන ආයතනය මඟින් සෑම දරුවකුටම ත්‍යාග වශයෙන් සිරිත් මල්දම පොතක් ලබාදීමට ද කටයුතු කර ඇත.මහනුවර රැජන හෝටලය ආසන්නයේ මේ සඳහා දරුවන්ට පහසුකම් සලසා තිබේ. බුද්ධශාසන,ආගමික කටයුතු හා සංස්කෘතික ඇමැති මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මෙහි සමාරම්භක අවස්ථාවට ඉකුත් 18 වැනි දින සහභාගි විය.


අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT