රුපියල් හය කෝටි විසි නව ලක්ෂ හැත්තෑ හය දහසක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යමින් සිටි ව්‍යාපාරික කාන්තාවන් තිදෙනකු පෙරේදා (19) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
කොළඹ, වැල්ලම්පිටිය සහ මාලිගාවත්ත යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 25, 48 සහ 50 වයස්වල පසුවන ද්‍රවිඩ සහ මුස්ලිම් ජාතික ව්‍යාපාරික කාන්තාවන් තිදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මේ සැකකාරියන් කිලෝ 05යි ග්‍රෑම් 248ක් බරැති මේ කුෂ් මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිලදී ගෙන ගමන් මලු 04ක සඟවාගෙන ඉන්දියාවේ බැංගලෝර් නුවරට විත් පසුව කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇත. සැකකාරියන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඔවුන් ලබන 24 වැනිදා තෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රඳවාගෙන ඉදිරි විමර්ශන කටයුතු සඳහා අවසර දී තිබේ.
කටුනායක – ටී. කේ. ජී. කපිල