Home » රටවල් අතර පවතින සහයෝගීතාව සීමා කිරීමේ ඇමරිකානු උත්සාහයට චීනයේ දැඩි විරෝධය

රටවල් අතර පවතින සහයෝගීතාව සීමා කිරීමේ ඇමරිකානු උත්සාහයට චීනයේ දැඩි විරෝධය

by chanaka
April 21, 2025 1:58 pm 0 comment

චීනය සමඟ ආර්ථික හා වෙළඳ සහයෝගීතාව සීමා කිරීමට ඇමරිකාව අනෙකුත් රටවලට බල කිරීම සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වයි.

මෑතකදී, ‍ඇමරිකාව ඊනියා “අන්‍යෝන්‍ය” වශයෙන් එහි සියලුම වෙළඳ හවුල්කරුවන් මත තීරුබදු අනිසි ලෙස පනවා ඇති අතර ඒ සමඟම සියලු පාර්ශ්වයන්ට ඊනියා “අන්‍යෝන්‍ය තීරුබදු” පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට බල කොට තිබෙන බව චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් අද(21) කියා සිටියේය. මෙය “සමානාත්මතාවය” මුවාවෙන් ආර්ථික හා වෙළඳ ක්ෂේත්‍රය තුළ ආධිපත්‍යවාදී දේශපාලනය ප්‍රවර්ධනය කරමින් ඒකපාර්ශ්වික බාධා කිරීම් ක්‍රියාත්මක කිරීමක් බව එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.

සමානව සාකච්ඡා කිරීමෙන් ඇමරිකාව සමඟ ඇති ආර්ථික හා වෙළඳ වෙනස්කම් විසඳා ගැනීමට විවිධ පාර්ශ්වයන් දරන උත්සාහයන්ට චීනය ගරු කරයි. චීනයේ අවශ්‍යතාවලට හානි පමුණුවමින් ඕනෑම පාර්ශ්වයක් ඇමරිකාව සමඟ එකඟතාවයකට පැමිණෙන්නේ නම් චීනය ඊට දැඩි ලෙස විරුද්ධ වන බව විශේෂයෙන් අවධාරණය කර සිටී. එවැනි තත්ත්වයක් සිදුවුවහොත්, චීනය එය නොපිළිගන්නා අතර, අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිප්‍රහාර එල්ල කරනු ඇති බව එම ප්‍රකාශකයා පැවසීය.

ජාත්‍යන්තර වෙළඳාම තුළ ශක්තිමත් පාර්ශ්වයන් දුර්වලයන් ගොදුරු කර ගැනීම පිළිබඳ “කැලෑ නීතිය” නැවත පැමිණි පසු, සියලු රටවල් එහි ගොදුරු බවට පත්වනු ඇති බව ඔහු පෙන්වා දී තිබේ.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT