යුක්රේන යුද ගැටුම් හමුවේ රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් පාස්කු සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ නමුත්, අදාළ කාලසීමාවේ එය කඩ කළ බවට රුසියාව හා යුක්රේනය එකිනෙකාට චෝදනා කරමින් සිටියි.
රුසියානු ජනාධිපතිවරයා පාස්කු දිනය නිමිත්තෙන් පැය 30 ක සටන් විරාමයක් ඊයේ ප්‍රකාශයට පත් කළේය.
යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි චෝදනා එල්ල කරන්නේ, සටන් විරාම කාලය තුළ රුසියාව විසින් යුක්රේනයට ෂෙල් වෙඩි ප්‍රහාර 1882 ක් එල්ල කළ බවයි.
රුසියානු ජනාධිපතිවරයා තම හමුදාව සම්පූර්ණයෙන්ම පාලනය නොකරන බවටත්, යුද්ධය අවසානය දක්වා ගමන් කිරීමට සැබෑ ඉලක්කයක් නොමැති බවටත් ඉන් පැහැදිලි වන බව සිය X ගිණුමේ සටහනක් තබමින් යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
නමුත් රුසියානු විදේශ අමාත්‍යාංශ මාරියා සකාරෝවා පවසන්නේ, යුක්රේනය රුසියාවේ ස්ථාන රැසක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවයි.
යුක්රේනය විසින් එම ප්‍රහාර එල්ල කිරීම සඳහා අමෙරිකාවෙන් සපයන ලද හිමාර්ස් මිසයිල භාවිත කළ බවට චෝදනා කර සිටියි.