නේපාලයේ පොකාරා නුවර චීන ණය පහසුකම් යටතේ ඉදි කරනු ලැබූ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මහ පරිමාණ දූෂණ අක්‍රමිකතා සිදුවී ඇතැයි එරට පාර්ලිමේන්තු කමිටුවක් විසින් සොයා ගනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නේපාල පාර්ලිමේන්තු මන්ත්‍රී රාජේන්ද්‍ර ලින්ඩන්ගේ ප්‍රධානත්වයෙන් යුතු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ රාජ්‍ය ගිණුම් කමිටුව යටතේ පවතින උප කමිටුව නිකුත් කරනු ලැබූ පිටු 36ක වාර්තාවකින් එම මූල්‍ය අක්‍රමිකතා හෙළිදරවු වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. අමෙරිකානු ඩොලර් මිලියන 216ක් වැය කරමින් එරට දෙවැනි විශාලතම නගරය වන පොකාරා හි ඉදි කළ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කර ඇත්තේ 2023 දී බවත්, එහි ඉදි කිරීම් කටයුතුවලදී නිලධාරීන් සහ දේශපාලනඥයන් විසින් විශාල මූල්‍ය වංචාවක් සිදු කර ඇති බවත් එහි සඳහන් වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
එම මූල්‍ය වංචාවට සම්බන්ධ දූෂිත නිලධාරින්ට සහ දේශපාලනඥයන්ට දඬුවම් කළ යුතු බව පාර්ලිමේන්තු අනු කමිටු ප්‍රධානියා ප්‍රකාශ කර ඇති අතර, ව්‍යාපෘතියට අදාළ ලිපිලේඛන විනාශ කිරීමේ අවදානම සඳහන් කරමින් ගුවන්තොටුපොළේ වත්මන් අධ්‍යක්ෂවරයා ඇතුළු ගුවන් සේවා සමාගමේ ඉහළ නිලධාරීන්ගේ වැඩ තහනම් කරන ලෙස රජයෙන් ඉල්ලා ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.