Home » එ.ජා. ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වයට ඉන්දියාවට කුවේට් රාජ්‍යයේ සහාය

එ.ජා. ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වයට ඉන්දියාවට කුවේට් රාජ්‍යයේ සහාය

by sachintha
April 21, 2025 1:36 am 0 comment

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබාගැනීම සඳහා ඉන්දියාවට කුවේට් රාජ්‍යයේ සහාය පළ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ආරක්ෂක කවුන්සිලයේ ප්‍රතිසංස්කරණය සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එම සාකච්ඡාවේදී කුවේට් නිත්‍ය නියෝජිත තරීක් අල්බනායි මේ බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ඉන්දියාව ගෝලීය වශයෙන් වැදගත් රාජ්‍යයක් ලෙස පිළිගැනීමට සහ නිත්‍ය සාමාජිකත්වය ලබා දීමට කුවේට් රාජ්‍ය පූර්ණ සහයෝගය පළ කරන බව එහිදී කුවේට් නිත්‍ය නියෝජිතවරයා අවධාරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අමෙරිකාව, රුසියාව, චීනය, බ්‍රිතාන්‍ය හා ප්‍රංශය ආරක්ෂක කවුන්සිලයේ නිෂේධ බලය හිමි නිත්‍ය සාමාජික රටවල් වන අතර, ඊට අමතරව වසර දෙකකට වරක් හුවමාරු වන ක්‍රමවේදය යටතේ තවත් රටවල් 10ක් එහි සාමාජිකයෝ ලෙස කටයුතු කරති. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබාගැනීම සඳහා ඉන්දියාව වසර ගණනාවක සිට උත්සාහ දරමින් සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT