Home » ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අමෙරිකාවේ යළි විරෝධතා

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අමෙරිකාවේ යළි විරෝධතා

-දහස් සංඛ්‍යාත විරෝධතාකරුවෝ සියලු ප්‍රාන්තවලින් වීදි බසිති

by sachintha
April 21, 2025 1:00 am 0 comment

අමෙරිකාවේ සියලු ප්‍රාන්තවල නැවත ඩොනල්ඩ් ට්‍රම්ප් විරෝධතා රැලි පැතිරී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට එරෙහිව පමණක් නොව ඔහුගේ සමීපතම සගයා වන එලෝන් මස්ක්ට එරෙහිව ද ඔහුගේ ටෙස්ලා සමාගම් ආශ්‍රිතව ද විරෝධතා ව්‍යාප්ත වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. වසර 1775 අමෙරිකානු විප්ලවීය යුද්ධයේ 250 වැනි සංවත්සරයට සමගාමීව පෙරේදා මේ විරෝධතා ආරම්භ වූ බවත්, ඊට දහස් සංඛ්‍යාත ජනතාව එක්රොක් වූ බවත් වාර්තා වේ.

මීට පෙර අප්‍රේල් මාසයේ මුල් භාගයේදී ‘අත නොතබනු’ නමින් අමෙරිකාවේ සියලු ප්‍රාන්තවල පැතිරී ගිය ට්‍රම්ප් විරෝධයට සමානව පෙරේදා මේ විරෝධතාව පැතිරී ගිය අතර, ට්‍රම්ප් විරෝධී දහස් සංඛ්‍යාත ජනතාව ඔහුගේ පරිපාලනය විවේචනය කරමින් වීදි බැස උද්ඝෝෂණය කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෑන් හැට්න් නුවර සිට පා ගමනක් ද සංවිධාන කර තිබූ බවත්, ධවල මන්දිරය ඉදිරිපිට විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් විරෝධතා රැලියක් ද පැවති බව වාර්තා වේ. අමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් එල්ල වී ඇති බවත්, ට්‍රම්ප් ජනපති ධුරයේ දිවුරුම් දුන් දිනයේ සිට නිකුත් කරනු ලැබූ විධායක නියෝගවලින් රට පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාව දැඩි දුෂ්කරතාවට පත්වී ඇති බවත් කියමින් විරෝධතාකරුවන් උද්ඝෝෂණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාවේ සියලු ප්‍රාන්ත කේන්ද්‍ර කරමින් පැවති ට්‍රම්ප් විරෝධී උද්ඝෝෂණ සඳහා අමෙරිකානුවන් මෙන්ම රටින් පිටුවහල් කිරිමට නියෝග ලැබූ විදේශිකයන් ද විශාල පිරිසක් සහභාගි වී ඇති අතර, සංක්‍රමණිකයන් විශාල වශයෙන් පිටුවහල් කිරීම, රජයේ සේවකයන් දහස් ගණනින් නෙරපා හැරීම, රජයේ බොහෝ ආයතන වසා දැමීම හෝ අවම කිරීම මෙන්ම ට්‍රම්ප්ගේ තවත් විධායක නියෝග රැසක් ජනතාවගේ දැඩි අප්‍රසාදයට හේතු වී ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT