“සංවත්සර” කියන වචනයෙන් බිඳී ආ පදයක් ලෙස අපි අවුරුදු හඳුන්වනවා. හැබැයි පස්සෙ කාලේ ජේ.බී.දිසානායක මහැදුරුතුමා නම් කියන්නේ අව්ව සැර නිසා Òරුදු අව්Ó යන්න අවුරුදු කියලා හැදුණු බව.
මේ මාසයට සිංහලෙන් කියන්නේ Òබක්Ó කියලා. එහි අදහස Òභාග්‍යවන්ත මාසයÓ යන්න. අපට ඍතු වෙනස්කම් දක්නට නොලැබෙතත් Òවසන්තයÓ කියලා තමයි මේ කාලය හඳුන්වන්නේ. ඒ නිසාÓ වසන්ත උදානයÓ ලෙසත් අවුරුදු නම් කරන්න පුළුවන්.
මේ කාලයට පරිසරයේ සුවිශේෂී වෙනස්කම් රැසක් දක්නට ලැබෙනවා. කොළ හැලිලා නව තුරුපත් හැදිලා බොහෝ ගස්වල පලදාව දක්නට ලැබෙනවා.
විශේෂයෙන් ම කජු ගස් පුරා ම පුහුලන් හැදෙනවා. එහි ඇටය කජු ඇටය ලෙස හඳුන්වනවා. එය ඉතා රසවත් ආහාරයක්. සිංහල අවුරුද්දට දොදොල් සාදන්න කජු යොදා ගන්නවා. ඒ වගෙ ම කජුවලින් කරන ජනප්‍රිය ජන ක්‍රීඩාවක් තමයි වළ කජු ගැසීම. මෙය පුරාණයේ හැම ගෙදරක ම දක්නට ලැබුණත් දැන් නම් ඉතා දුර්ලභ වූවක්. කජු තබන්නේ දුමේ. දුම කියන්නේ එකල ළිපට උඩින් නිර්මාණය කෙරුණු මැස්සක්. කල්තබා ගන්නා දේවල් දුම් වදින්න මෙහි තමයි දමන්නෙ. ගැමි ගෙදරක අනිවාර්යයෙන් දුමක් තිබුණා.
ඒ වගෙ ම එරබදු ගස්වල මල් පිපෙනව. ගහ පුරා ම රතුපාටට පිපෙන මේ මල හරිම ලස්සනයි. අවුරුද්දෙ විශේෂ ම මල වෙන්නේ එරබදු මල. එරබදු වසන්තය කියලා අවුරුද්ද හඳුන්වන්නෙත් ඒ නිසා.
ඒ වගෙ ම මේ කාලයට ම සුවිශේෂී වන කුරුල්ලෙක් තමයි කොහා නැත්නම් කෝකිලයා. ඒ නිසා මේ කාලය Òකෝකිල වසන්තයÓ ලෙසත් හඳුන්වනව. අවුරුදු පණිවිඩය අරන් එන්නේ කොහා. කොහාගේ නාදය අවටින් නිතර ඇහෙනවා. එය ඉතා සුබ දෙයක් විදිහට තමයි පැරැන්නන් සැලකුවේ.
හොඳ කෙසෙල් කැන් අරන් වළ දානවා. ගම්මු ඊට ඉතා හොඳ ක්‍රමවේද යොදාගෙන තිබුණා .වළක් හාරලා කැප්පෙටියා, බිලිං ආදි කොළ වර්ග එහි දානවා. කෙසෙල් කැන් එහි තබා වළ වහනවා. ඊළඟට පොල් කටු දෙකක් අරන් සිදුරු දෙකක් විදලා පොල් කටු දෙක එක් කරලා පරඬැල් ඊට පුරවනවා. ඊට අඟුරු දාලා පිඹිනවා. එතකොට වළ දුමෙන් පිරෙනවා. මෙහෙම වරු තුනක් වගේ පිම්බ ම බොහොම අපූරුවට කෙසෙල් ඉදෙනවා.
ගොයම් කපා පාගා අවසන් වූ වෙල කොල්ලො කුරුට්ටන්ගෙ රජදහනක්. උන් කරන්නේ එල්ලේ ක්‍රීඩාවේ යෙදීම. බක්මහ උලෙළ පවත්වන්නේ මේ බිමේ ම තමයි.
අවුරුදු නැකත් කියන්නේ අර්ථවත් වූවක්. ඒවා ඉතා ම හොඳින් කිරීමට පැරැන්නන් කටයුතු කළා. ඒවා කඩකිරීම අසුබ බව ඔවුන්ගේ හැඟීම වුණා.
සාමුහිකත්වය අවුරුද්ද පුරා ම දක්නට ලැබෙනවා. ඒ වගෙ ම සමගිය. තරහමරහ අතෑරලා නැවත සබඳකම් අලුත් වෙන්නේ මේ කාලයේ.
විශේෂයෙන් නෑදෑයන් ගෙවල්වලට එන නිසා හැමෝට ම සතුටින් එකතුවෙලා විනෝද වෙන්න අවස්ථාවක් උදාවෙනවා.
හැම ගෙදරක ම ඔන්චිල්ලාවක් දකින්න ලැබෙනවා. මේකත් දෙවියන් නැමදලා තමයි නිර්මාණය කරන්නේ. මෙය Òඔන්චිලි වාරයÓ නමින් හඳුන්වනවා. එය පදින විට කියන කවි Òඔන්චිලි වාරම්Ó ලෙස හඳුන්වනවා. පදින අතරතුර තමයි මේවා කියන්නේ. වාඩිවෙලා වගෙ ම හිටගෙන ඔන්චිල්ලා පදිනවා. ගැම්ම ගැනීම රුකුල් ගන්නව කියලා කියනවා. තමන්ගේ වාරය එනකම් කට්ටිය නොඉවසිල්ලෙන් තමයි ඉන්නේ.
හැම ගෙදරක ම පිල් බෙදිලා පංච දමනවා. බෙල්ලන් තමයි ඊට යොදා ගන්නෙ. ඊට ආවේණික වචන ටිකක් දකින්න ලැබෙනවා. සළු වෙනව. බොක්කක් දැම්ම, සිරිමලක් දැම්ම ආදි වශයෙන්. සියලු ම කවඩි මුණින් අතට තියෙනවා නම් කියන්නේ බොක්ක. උඩු අතට නම් කියන්නේ සිරිමල. සිරිමලක් වැටුණොත් ලකුණු 14ක් අඩුවෙනවා.බොක්කක් නම් 14ක් එකතු වෙනවා. තමන්ගේ වාරය උදා කරගන්න බෙල්ලො එකක්, පහක් හෝ හයක් උඩු අතට වැටෙන ලෙස දාන්න ඕන. එතකොට නැවත වාරයක් දැමීමට අවස්ථාවක් උදාවෙනවා. ඉස්සර අපි හරි ම ආසාවෙන් කරපු ක්‍රීඩාවක්.
අවුරුදු චාරිත්‍ර හා බැඳුණු ප්‍රබල සංස්කෘතියක් තියෙනවා. ඒ ගැන නම් බොහෝ දේ කිව හැකියි.
අවුරුදු කියන්නේ ඇඳුම් ගැනීමවත්, කේක් ගෙඩියක් අරන් තව තැනකට යාමවත් නෙවෙයි. ඊට එහා ගිය අර්ථාන්විත, ජීවිතය හා සම්බන්ධ උතුම් ගුණධර්ම සහිත වටිනා උත්සවයක්. ඉතින් එහි අර්ථ නොනසා ඉගෙනගෙන සැමරුම තමයි වටින්නේ.
මේ උත්සවය තවත් රටවල ද සමරන බව මතක තබා ගන්න.
ඉතින් ආදරණීය ඔබ සැමට සුබ වාසනාවන්ත නිදුක් නීරෝගි අලුත් අවුරුද්දක් වේවා !
මනෝජ් ප්‍රසන්න අබේකෝන්