වර්තමාන සමාජය දෙස නිසොල්මන් වී බලා සිටින්නකුට අපූරු සංසිද්ධියක් මේ සමාජය තුළ හමුවිය හැකියි. එදා සිට අද දවස වනතුරු මිනිසුන් තම ජීවිත සාර්ථක කර ගැනීමට විවිධත්වයෙන් යුතු මාර්ග තෝරාගෙන තිබෙනවා. එහිදී මිනිසුන් මේ මාර්ගයේ ගමන් කරමින් අනෙකුත් මිනිසුන් අභිභවා යාමට විශාල උත්සාහයක් දරනවා. මේ මා මුලින් පැවසූ අපූරු සංසිද්ධියයි.
ලංකාව බහු ජාතිකයන් ජීවත් වන රටකි. මේ තුළ උසස් – පහත් යැයි සැලකෙන සමාජ ස්ථර තුළ ජීවත් වන බොහෝමයක් තුළ තම අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ දැරීම දැකිය හැකිය. විශේෂයෙන්ම මෙහිදී බොහෝ මිනිසුන් අනෙකාට වඩා ඉහළට යාමක් බලාපොරොත්තුවෙන් ජීවිතය ගත කරන්නේය. මේ හේතුවෙන් අදටත් සර්වසම්පූර්ණ පහසුකම් හා අවශ්‍යතාවන් ලංකාවේ මිනිසුන්ට අහිමි වී තිබේ. උදාහරණයක් ලෙස මහා පරිමාණ නිවාස තැනීමට යාමෙන් ඒ සඳහා විශාල මුදල් වැයවීමක් සිදු වේ. අනෙකුත් දේවල් සඳහා ද මේ අයුරින්ම වියදම් සිදු වේ. අප සතුව පවතින මුදලට සරිලන නිවාස, වාහන හා අනෙකුත් දෑ ලබා ගත යුතු වේ. එසේ නොමැතිව අනෙකා පරදා යාමක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නැත. අපි සැවොම උපතින්ම උරුම වන ආගමක්, ජාතියක් මිය යන තුරු රැගෙන යන අය වෙති. මේ ජීවන ගමන් මඟ තුළ තමන් අදහන ආගම වෙනස් කිරීමකට ලක් කරන්නන් ඕනෑතරම් අපට දකින්නට පුළුවනි. වර්තමානයේ මේ කුමන ආගමක් අදහන්නකු වූවත් ඒ ආගමික සිද්ධස්ථාන වෙත ගොස් තම ආගම අදහනු ලැබේ. නමුත් මෙහිදී සිදුවන එක් කාරණාවක් ලෙස ආගම දහම වැලඳ ගනිමින් ඒ මත්තේ ජීවත් වන මිනිස්සු බොහෝමයක් දැකිය හැකිය. සමහර අවස්ථාවන්හිදී අපට එදිනෙදා ජීවිතයේදී හමුවන විවිධ චරිත දැකගතහැකි වේ. එහිදී නූගත්කම, නොදැනුම්වත්කම සහ උඩඟුකම යන මේ කාරණා පදනම් කරගෙන සමාජය තුළ අසීමිත ශ්‍රද්ධාවක් ඇතිව ජීවත් වන මිනිසුන් ද බොහෝ හමුවේ. මේ සියලු මිනිසුන් අතර, සැබෑ ලෙසම ආගමට, දහමට ගරු කරමින් සිටින පිරිසක් ද වේ. දිනක් මගේ මිත්‍රයෙක්ගේ මවක් පැවසුවේ ඇය අවුරුදු විස්සක් තිස්සේ සෑම පොහෝ දිනයකටම ගමේ අනිත් සෑම කෙනෙක්ටම වඩා රසවත් ලෙස දානය සකසාගෙන ගොස් පන්සලට පූජා කළ බවයි. මෙහිදී ඇය පැවසූයේ ගමේ කාටත් වඩා හොඳින් ඇය දාන මාන කරන බවයි. ඇගේ මුහුණෙහි වූයේ උඩඟු හැඟීමකි. ඒ ලෙසම සෑම පුද්ගලයකුම විසින් පින් දහම් කළ යුතුයි. නමුත් ඒ තුළ පවතින දුර්ගුණ යටපත් කරගනිමින් එය සිදු කළ යුතු වේ.
වර්තමානය තුළ බොහෝ මිනිසුන් හුරුවී තිබෙන්නේ අනෙකා පසුකර ඉදිරියට යාමටය. මේ සමාජය ඒ බව සැරින් සැරේ අප හට දැකගත හැකි වේ. සමහර පුද්ගලයන් අල්ලපු ගෙදර මිනිසුන්ට වැඩියෙන් සෑම සම්පතක්ම තමා සතු කර ගැනීමට උත්සාහ දරන බව කොතෙකුත් දැකගත හැකිවේ. මෙහිදී බොහෝ මිනිසුන් පවසන්නේ එහා ගෙදරට වඩා ලොකු ටීවී එකක් අපිට තියෙන්න ඕනේ. මෙම ප්‍රකාශ තුළින් පැහැදිලි වන්නේ සමාජය තුළ බොහෝ මිනිසුන් අනෙකා පරයා යෑමට දරන උත්සාහය වේ.
සමාජය තුළ ජීවත්වන බොහෝ මිනිසුන් බහුලවම අනෙකාට ඉදිරියෙන් තමාගේ ගමන්මඟ යාමට උත්සාහ දරනවා. නමුත් මේ ක්‍රමවේදය ලංකාව තුළ ලාංකේයය සංවර්ධන ක්‍රමවේදයට එක් කිරීම තුළ මෙරට මීට වඩා සංවර්ධනයක් දැකගත හැකිවේ.
ග්‍රාමීය, ප්‍රාදේශීය, නගරබද මේ සෑම තැනම ජීවත් වන බොහෝ මිනිසුන් අනෙකා පරයා තම ගමන සාර්ථක කර ගැනීමට වෙර දරනවා. සැබෑ මනුෂ්‍යයන් තුළ අනෙකාට වඩා බහුවිධ දක්ෂතා, සම්පත්, භෞතික, අභෞතික වශයෙන් තිබීම සහ ලබාගැනීම අත්‍යවශ්‍යයි. නමුත් එය අනෙකා පසුකර හඹායාමක් නොවිය යුතුවේ. අනෙකාගේ දියුණුව දැකීමට අකැමැති නමුත් සිතුවිලි තම ජීවිතයෙන් ඈත් කර ගැනීම සැබෑ මනුෂ්‍යයකු තුළ පවතින උසස්ම මානුෂීය ගුණාංගයක් වන්නේය.
අප නිරන්තරව සමාජය තුළ ජීවත් වන විට අපට වඩා උසස් හෝ පහළින් සිටින මිනිසුන් හමුවේ. නමුත් ඔවුන්ගේ දියුණුව තමාගේ ජීවිත බාධකයක් නොකරගෙන ජීවත්වීම අත්‍යවශ්‍යම වේ. හැකි පමණින් තම අවශ්‍ය සම්පත් වෙත ළඟාවීම, මිනිසුන්ගේ ජීවිත කතාවලට අවශ්‍යම වේ.
තිළිණි නිසංසලා