සිරුරට අවශ්‍ය විටමින් ලෝහපදාර්ථ හා ශක්තිය මෙන්ම ලිංගික දුබලතා නැතිකර කාමශක්තිය ලබාදෙන මී පැණි බාල තරුණ වැඩිහිටි කොයිකාටත් එකසේ ගුණ ලබාදෙන දිව්‍ය ඖෂධයකි.
සිරුරට අවශ්‍ය කරන යකඩ, තඹ, සිලිකා, මැන්ගනීස්, පොටෑසියම්, පොස්පරස් යනාදිය අඩංගුවන මීපැණිවල ඛනිජ කොටස් එකොළහක්ද මධුර පදාර්ථ අසූඑකක්ද පවතින බව පර්යේෂණ තුළින් සනාථ වී ඇත.
මී පැණිවල 73%ම ඇත්තේ ශක්තිය ඇතිකරලීමට බීමක් වන සීනි වර්ගයකි. එහි 75%සිට අසූව දක්වා චෙක්ටරෝස් සහ ලිව්ලෝස් සීනි වර්ගය ද අඩංගුවේ. විටමින් B, නයමින්, විටමින් D පඇස්රිකාබික් අම්ලය ඇතුළු විටමින් රැසක්ම අඩංගුව පවතී. ඊට අමතරව කටහඬ මිහිරි කරවන, බඩගිනි ඇති කරන තුන්දොස් සමනය කරන ගුණයක් ඇති වී පැණි පහසුවෙන් දියවෙන අතර ශරීරයට ඉක්මන් සුවයක්ද ලබාදෙයි. සෙම අඩු කිරීමටත් මළබුරුල්ව යනවිට එය අඩුකිරීමටත් මී පැණිවලට හැකියාව ඇත.
බලවත් වචනේ
ආකල බිළිඳු ට
විළඳත් මී පැණි
ගනිමින් හනිකට
ජන්බිර පල රස
ඇඹුළුත් මුසුකොට
දුන්නොත් දුරුවෙයි
සැනෙකින් එම විට
අයුර්වේද බෙහෙත් නිෂ්පාදනයට බෙහෙවින් උපයෝගීකරගනු ලබන මීපැණි බොහෝ කල් බෙහෙත්වලට තමන්ට පිටතින්ම ආලේපකිරීමට යොදාගනී. සන්නිකොල වලිප්පු හනි කැක්කුම් සෙම් සවාසගත යන චලට දෙනු ලබන චන්දු කල්කයට ද මී පැණි සංයෝග කරගනී.
වමන, අතීසාර, අජීර්ණ, ජ්වර ඇම්ම ආදී රෝග සඳහාද දෙනු ලබන නව රත්නකල්කයටත් ආනුපානු ලෙස අල බේත් චූර්ණයටත් සිතෝසලාදි චූර්ණයටත් මදනමෝදකයටත් මාත්රී රසායනයටත් මී පැණි ගන්නා වූ ප්‍රබල ඖෂධයකි.
ශක්තිය වර්ධනයට
කුළුදුරු, තිප්පිලි, සාදික්කා, කං හා ඇට, සූදුරු, කරාබු අබිං, මුරුංගා ඇට, අසමෝදගම්, වසාවාසි, වැල්මී, අත්තනඇට, සම සමව ගෙන මී පැණියෙන් අඹරා ඉඹුල් ඇට පමණට ගුලිකර පවනේ වියළා තබාගෙන ගිතෙලින් සීනිවලින් ගනු බලවඩයි.
උපදෙස් – ආයුර්වේද වෛද්‍ය සුමිත් රාජපුර
බී.ඇල්. ප්‍රේමරත්න