Home » නුවරඑලිය වසන්ත උදානයට පැමිණි සංචාරකයින් පරසරිය වනසයි

නුවරඑලිය වසන්ත උදානයට පැමිණි සංචාරකයින් පරසරිය වනසයි

by yasara
April 21, 2025 11:47 am 0 comment

පසුගිය දින කිහිපය තුළ නුවරඑලියේ වසන්ත උදානයට පැමිණි ඇතැම් දේශීය සංචාරකයන් පරිසරය විනාශ කර ඇති බව නුවරඑලිය  ප්‍රදේශවාසීන් කියි සිටියි.

සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග නුවරඑලිය වසන්ත උදානය නැරඹිමට දේශීය සංචාරකයන් විශෘල පිරිසක් පැමිණි බවත්, එසේ පැමිණි ඇතැම් සංචාරකයන් ඊයේ (20)  දින දක්වා නුවරඑලියේ රැදී සිටි බවයි නුවරඑලිය සංචාරක හෝටල් සංගමයේ නිළධාරින් කියි සිටියේ.

එසේ පැමිණි සංචාරකයන් නුවරඑලිය ග්‍රෙගරි වැව පරිශ්‍රය ඇතුලු සංචාරකයන් වැඩිපුර ගැවසෙන ස්ථානවල ඔවුන් රැගෙන ආ ප්ලාස්ටික්, පොලිතින්, ආහාර මලු, වතුර බෝතල්, බියර් ටින් ඇතුලු අපද්‍රව්‍ය රැසක් පරිසරයට මුදා හැර ඇති ආකාරය දක්නට ලැබිණි.

නුවරඑලිය මහ නගර සභාව විසින් කැලි කසල වර්ගීකරණය කර බැහැර කිරීම සදහා කසළ බදුන් තබා තිබුණද ඇතැම් සංචාරකයන් කැලි කසළ පරිසරයට මුදා හැර ඇති බව ප්‍රදේශවාසීන් කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT