කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට සහ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලින් මියගිය පුද්ගලයන් එකසිය හැටහත්දෙනකු ‘ඇදහිල්ලේ සාක්‍ෂිකරුවෝ’ ලෙස නම්කර ඇති බව කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ නිවේදනය කළහ.
බෝම්බ ප්‍රහාරවලින් ජීවිත අහිමි වූ මෙම කතෝලිකයන් 167 දෙනාගේ නම් වතිකානුව විසින් ඇදහිල්ලේ සාක්‍ෂිකරුවන්ගේ නාමාවලියට නිල වශයෙන් ඇතුළත් කර ඇති බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ හයවැනි සංවත්සරය සනිටුහන් කරමින් අද(21) කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති ප්‍රධාන අනුස්මරණ දේව මෙහෙය අතරතුර කාදිනල් රංජිත් හිමිපාණෝ මෙම නිවේදනය ප්‍රසිද්ධ කළහ.
මෙම අවස්ථාව අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, ඊට පූජක පක්ෂය, වින්දිතයන්ගේ පවුල්වල සාමාජිකයෝ සහ අනුස්මරණ සහ යාච්ඤා සඳහා රැස්ව සිටි මහජනතාව සහභාගී වූහ.