Monday, April 21, 2025
Home » පුටින් පාස්කු සටන් විරාමයක් ප්‍රකාශ කරයි

පුටින් පාස්කු සටන් විරාමයක් ප්‍රකාශ කරයි

by chanaka
April 20, 2025 3:56 pm 0 comment

යුක්‍රේන යුද ගැටුම් සඳහා රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අද(20) පාස්කු සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබේ.

මේ අතර යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි චෝදනා කරන්නේ පාස්කු සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර ඇති නමුත් යුක්‍රේනයට රුසියානු ප්‍රහාර අඛණ්ඩව එල්ල වන බවයි.

පාස්කු ඉරිදා දිනය නිමිත්තෙන්, රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අද දිනය නිමා වන තෙක් පාස්කු සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව සටන් විරාම කාලය තුළ යුක්‍රේනයට එරෙහි සියලුම හමුදා ක්‍රියාකාරකම් නවත්වන ලෙස, රුසියානු ජනාධිපතිවරයා සිය හමුදාවට නියෝග කර ඇති බව වාර්තා වේ.

පැය 30 ක සටන් විරාමය, මොස්කව් වේලාවෙන් අද රාත්‍රී 10.00 දක්වා ක්‍රියාත්මක වන බව රුසියානු ජනාධිපති පුටින් කියා සිටියේය.

එමෙන්ම සිදුවිය හැකි ඕනෑම සටන් විරාම උල්ලංඝණය කිරීමකට ප්‍රතිචාර දැක්වීම සඳහා සිය හමුදාව සූදානම්ව සිටින බවද ජනාධිපති පුටින් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT