Monday, April 21, 2025
Home » පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 06ක් පිරෙන තැන, ජනපතිගෙන් සැර ප්‍රකාශයක්

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 06ක් පිරෙන තැන, ජනපතිගෙන් සැර ප්‍රකාශයක්

by chanaka
April 20, 2025 4:43 pm 0 comment

පාස්කු ප්‍රහාරයේ සැබෑ වගඋත්තරකරුවන්, සැබෑ සැලසුම්කරුවන් සැඟවීම මීට පෙර කරන ලද පරීක්ෂණයන්ගේ අරමුණ වූ බවත් තමන් ඊට ඉඩක් නොදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

ජනපතිවරයා මේ බව සඳහන් කර සිටියේ, අද (20) පොළොන්නරුවේ පැවැත්වෙන ජනතා රැළිය අමතමිනි.

මින් ඉදිරියට රට තුළ ජාතිවාදී ගැටුම් ඇති නොවන බවත් ජනපතිවරයා එහිදී අවධාරණය කළේය.

ඒ, ජාතික සමඟිය ඇති කිරීමට පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති තුළින් හෝ කටයුතු කරන බව පෙන්වා දෙමින්ය.

එහිදී 2019 පාස්කු ඛේදවාචකය පිළිබඳව සිහිපත් කරමින් ජනපතිවරයා සඳහන් කළේ, එය එවකට බලය ලබාගැනීම උදෙසා කළ විශාලම ඛේදවාචකය වන බවයි.

එමෙන්ම 2019 අප්‍රේල් සිට 2024 සැප්තැම්බර් දක්වා පාස්කු ප්‍රහාරය සම්බන්ධව කළ පරීක්ෂණවල අරමුණ වූයේ, සැබෑ වගඋත්තරකරුවන් සැබෑ සැලසුම්කරුවන් සැඟවීම බවත් ජනපතිවරයා පවසා සිටියේය.

ඒ අනුව වත්මන් රජය පියවරෙන් පියවර නිරවුල්ව පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීමට කටයුතු සිදුකරන බවත්, ඉදිරියටත් එම කටයුතු සිදුකෙරෙන බව‍ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධව ජනාධිපති කොමිෂන් වාර්තාවේ සියලු වාර්තා තමන් විසින් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ බවත් ජනපතිවරයා මෙහිදී සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT