Home » කොටහේන සිට කොච්චිකඩේ දක්වා හෙට රථවාහන ගමනාගමනය සීමා කෙරේ

කොටහේන සිට කොච්චිකඩේ දක්වා හෙට රථවාහන ගමනාගමනය සීමා කෙරේ

by chanaka
April 20, 2025 4:29 pm 0 comment

හෙට (21) දිනයේ කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා පවත්වන පාගමන සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වෙන විශේෂ දේව මෙහෙය හේතුවෙන් කොටහේන පොලිස් වසම සහ වෙරළබඩ පොලිස් වසම ඇතුලත මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය දැනුම් දෙයි.

මෙම පා ගමන උදෑසන 07.00 ට කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයෙන් ආරම්භ කර බොංජින් හන්දියෙන් වමට හරවා ගල්පොත්ත වටරවුමෙන් ගල්පොත්ත වීදිය හරහා ජම්පටා වීදියට ගමන් කර ජම්පටා වීදීය ඔස්සේ වෙරළබඩ ශාන්ත අන්තෝනී දේවස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතව ඇත.

ඒ අනුව, එදින උදෑසන 07.00 සිට උදෑසන 11.45 දක්වා වරින්වර වෙරළබඩ පොලිස් වසමේ පහත මාර්ගයන් තාවකාලිකව වසා තැබීම සිදු කරන බව පොලීසිය දැනුම් දී තිබේ.

එබැවින් ඇති විය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හැකිතාක් පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අදාළ විකල්ප මාර්ග සහ වසාතබන මාර්ග පහතින් දැක්වේ.

Media on 2025.04.20 පැය 1400 රථවාහන ගමනාගමනය සීමා කිරීමක් - හොරණ පොලිස් වසම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT