Sunday, April 20, 2025
Home » පුංචි ඡන්දයේ මැතිවරණ රාජකාරී සඳහා වැඩි රාජ්‍ය සේවකයින් සංඛ්‍යාවක්

පුංචි ඡන්දයේ මැතිවරණ රාජකාරී සඳහා වැඩි රාජ්‍ය සේවකයින් සංඛ්‍යාවක්

by chanaka
April 20, 2025 4:17 pm 0 comment

ලබන 06වැනිදා පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සදහා රාජ්‍ය සේවකයින් වැඩි සංඛ්‍යාවක් සහ රාජ්‍ය සම්පත් වැඩි ප්‍රමාණයක් ඡන්ද විමසීමේ රාජකාරී කටයුතු සඳහා යෙදවීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

මෙම ඡන්ද විමසීමේ දී එක් එක් පරිපාලන දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාස මට්ටමින් ඡන්ද විමසීම පවත්වා කොට්ඨාසය තුළම ඡන්ද ගණන් කොට ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන බැවින් මෙලෙස රාජ්‍ය සේවකයින් වැඩි සංඛ්‍යාවක් යෙදවීමට සිදුවන බව කොමිෂන් සභාව අද(20) නිකුත් කළ නිවේදනයක දැක්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT