84
ලබන 06වැනිදා පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සදහා රාජ්‍ය සේවකයින් වැඩි සංඛ්‍යාවක් සහ රාජ්‍ය සම්පත් වැඩි ප්‍රමාණයක් ඡන්ද විමසීමේ රාජකාරී කටයුතු සඳහා යෙදවීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
මෙම ඡන්ද විමසීමේ දී එක් එක් පරිපාලන දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාස මට්ටමින් ඡන්ද විමසීම පවත්වා කොට්ඨාසය තුළම ඡන්ද ගණන් කොට ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන බැවින් මෙලෙස රාජ්‍ය සේවකයින් වැඩි සංඛ්‍යාවක් යෙදවීමට සිදුවන බව කොමිෂන් සභාව අද(20) නිකුත් කළ නිවේදනයක දැක්වේ.