Monday, April 21, 2025
Home » ලංගමට මිලියන 1,300ක ආදායමක්

ලංගමට මිලියන 1,300ක ආදායමක්

by chanaka
April 20, 2025 4:00 pm 0 comment

පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇති අතර එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බව ජාතික ගමනාගමන මණ්ඩලයේ කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

එසේම සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මකවේ.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇති අතර මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බව ඒ මහතා සදහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT