Home » සිරි දළදා වන්දනාවට එන බැතිමතුන්ට යුද්ධ හමුදාවෙන් ආහාර

සිරි දළදා වන්දනාවට එන බැතිමතුන්ට යුද්ධ හමුදාවෙන් ආහාර

by yasara
April 19, 2025 4:01 pm 0 comment

මෙරට ජනතාවට අති උතුම් දළදා වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව උදා කර දෙමින් වසර 16 කට පසුව පැවැත්වෙන සිරි දළදා වන්දනාව  ඊයේ (18) දින ආරම්භ විය.

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැදපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්හට අවශ්‍ය පහසුකම් සැපයිමට ශ්‍රි ලංකා යුද්ධ හමුදාව කටයුතු සුදානම් කර ඇත.

ඒ අනුව  අද දින (19) 5000 කට අධික බැතිමතුන් පිරිසකට උදැසන අහාරය සැපයිමට ශ්‍රි ලංකා යුද්ධ හමුදාව විසින් කටයුතු කරන ලද අතර යුද්ධ හමුදා සේවාවනිතා ඒකකය විසින් සංවිධානය කරනු ලබන කිරි තේ දන්සැල දිනපතා බැතිමතුන් 5000ක පිරිසක් සඳහා ක්‍රියාත්මක වේ.

තවද යුද්ධ හමුදා ශ්‍රමදායකත්වය සහිතව දළදා මාලිගාව වෙතින් බැතිමතුන් සඳහා බත් දන්සැලක් සංවිධානය කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT