Home » කෝටි හයක කුෂ් සමඟ කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට

කෝටි හයක කුෂ් සමඟ කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට

by yasara
April 19, 2025 2:57 pm 0 comment

රුපියල් හය කෝටි විසි නව ලක්ෂ හැත්තෑ හය දහසක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ සියලුම පරීක්ෂණ නිමවා , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ව්‍යාපාරික කාන්තාවන් තිදෙනෙකු අද (19) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මෙම කාන්තාවන් තිදෙනා , කොළඹ , වැල්ලම්පිටිය සහ මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංච් අවුරුදු 25, 48 සහ 50 වයස් වල පසුවන ද්‍රවිඩ සහ මුස්ලිම් ජාතික ව්‍යාපාරික කාන්තාවන් පිරිසකි .

ඔවුන් කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 248 ක් බරැති මෙම ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිළදී ගෙන , ඒවා සිය ගමන් මලු 04 ක සගවා ගෙන , ඉන්දියාවේ බැංගලෝර් නුවර වෙත පැමිණ තිබේ .

ඉන්පසුව ඔවුන් අද දින අලුයම 12.00 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට , ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ.- 1183 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙසේ අත් අඩංගුවට ගත් මෙම කාන්තාවන් පිරිස ඔවුන් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය සමග අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT