Home » 19න් පහළ පළමු කොටසේ ටියර් ‘ඒ’ සාන්ත ජෝසප් එක්දින ශූරතාව දිනයි

19න් පහළ පළමු කොටසේ ටියර් ‘ඒ’ සාන්ත ජෝසප් එක්දින ශූරතාව දිනයි

by sachintha
April 18, 2025 1:45 am 0 comment

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධාන කළ අවුරුදු 19න් පහළ පළමු කොටසේ ටියර් ‘ඒ’ අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ පසුගිය වසරේ අනුශූරයන් වීමේ වාඩුව ගත් කොළඹ සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ එවර ශූරයන් වූ මහනුවර ත්‍රිත්ව විදුහල පරදවා මේ වසරේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. මග්ගොන සරේ ක්‍රිකට් පිටියේදී පැවති අවසන් තරගයේදී පසුගිය ශූරයන් වූ මහනුවර ත්‍රිත්ව විදුහල ලකුණු 71කින් පරාජය කිරීමට සාන්ත ජෝසප් පිලට හැකි විය.

මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් සාන්ත ජෝසප් පිල ඕවර 48.4කදී ලකුණු 204ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ත්‍රිත්ව විදුහලට සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 133ක් පමණි.

සා. ජෝසප් – 204 (ඕවර 48.4) නිම්තක ගුණවර්ධන 47, අභිෂේක් ජයවීර 33, කෙනත් ලියනගේ නොදැවී 29, සෙනුජ වැකුණුගොඩ 25 (මලිත් රත්නායක 41/3, වතිල උදාර 29/2, ස්වේත් අනුරජීව 38/2)

ත්‍රිත්ව – 133 (ඕවර 47.5) ස්වේත් අනුරජීව 48, ඩිනාල් ප්‍රනාන්දු 21 (යෙනුල දෙව්තුස 23/4, මානස මධුභාෂණ 34/4)

ඉෂානි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT