Monday, April 21, 2025
Home » ජාතික හෑන්ඩ්බෝල් කාන්තා ශූරතාව ගුවන් හමුදා පිලට

ජාතික හෑන්ඩ්බෝල් කාන්තා ශූරතාව ගුවන් හමුදා පිලට

by sachintha
April 18, 2025 1:44 am 0 comment

ජාතික හෑන්ඩ්බෝල් සම්මේලනය විසින් සංවිධාන කරනු ලැබු ජාතික හෑන්ඩ්බෝල් තරගාවලියේ කාන්තා ශූරතාව දිනා ගැනීමට ගුවන් හමුදා හෑන්ඩ්බෝල් කණ්ඩායම සමත් විය. පසුගියදා පනාගොඩ යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගාවලියේ අවසන් මහා තරගයේදී ලකුණු 35-18 ලෙස සමස්ත ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා හෑන්ඩ්බෝල් පිල සමත් වූ අතර අනුශූරතාව ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා හෑන්ඩ්බෝල් පිලට හිමි විය.

ගුවන් හමුදා පිලේ පූර්නිමා එරන්දි තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනූ අතර, හොඳම ආරක්ෂක ක්‍රීඩිකාව ලෙස ගුවන් හමුදා පිලේ හිරුනි රශ්මිකා සම්මාන දිනා ගත්තාය. හොඳම ගෝල රකින්නා ලෙස එම කණ්ඩායමේ ඉසුරි ප්‍රනාන්දු සහ හොඳම ප්‍රහාරක ක්‍රීඩිකාව ලෙස නෙවන්ජනා රණසිංහ සම්මානයට පාත්‍ර වූහ.

සම්මාන සහ සහතික පත් ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා හෑන්ඩ්බෝල් සම්මේලනයේ සභාපති උපාලි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති අතර, ගුවන් හමුදා හෑන්ඩ්බෝල් සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් රජින් ජයවර්ධන, මේජර් ජෙනරල් එල්.කේ.ටී. ප්‍රනාන්දු, ශ්‍රී ලංකා හෑන්ඩ්බෝල් සම්මේලනයේ ලේකම් චින්තක මායාදුන්නේ මහත්වරුන් සහ ක්‍රීඩා කවුන්සිල සාමාජිකයෝ ද එම අවස්ථාවට එක්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT