ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ බාලිකා මීටර් 100 අවසන් තරගය තත්පර 11.92කින් නිමා කරමින් රිදී පදක්කම දිනා ගැනීමට ධනංජනා සෙව්මිණි ප්‍රනාන්දු සමත් වූවාය. සෞදි අරාබියේ දමාම් නුවර පැවැත්වෙන 6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ බාලිකා මීටර් 100 රන් පදක්කම දිනා ගනු ලැබුවේ තත්පර 11.80කින් තරගය නිමා කළ චීන ක්‍රීඩිකා ෂැං කියැං විසිනි. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලෙන් කණ්ඩායමට එක්වූ 17 හැවිරිදි ධනංජනා මීටර් 200 තරග ඉසව්වේ ද ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවක් වන අතර, එම තරග ඉසව්වේ ඇය සහභාගි වන මූලික වටයේ තරග ඊයේ රාත්‍රී පැවැත්වීමට නියමිතව තිබිණි.
මේ අතර පෙරේදා රාත්‍රී බාලක මීටර් 1500 අවසන් තරගයට එක්වූ ළහිරු අචින්ත මිනිත්තු 3කුත්, තත්පර 59කින් තරගය අවසන් කර ලෝකඩ පදක්කමට හිමිකම් කීමට සමත් විය. ඒ අනුව ඊයේ වන විට ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව දිනාගත් මුළු පදක්කම් සංඛ්‍යාව 3 දක්වා ඉහළ ගිය අතර, ඊට රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කමක් ඇතුළත් විය.
ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තු තවදුරටත් ඉහළ නංවමින් සවිඳු නිමේෂ් සහ සංසලා හිමාෂිනි මීටර් 400 කඩුලු මතින් දිවීමේ බාලක බාලිකා අවසන් තරගවලට සුදුසුකම් ලබා සිටිති.
ෆවුස් මොහොමඩ්