85
සවුදි අරාබියාවේ ශ්‍රී ලංකා සංස්කෘතික සංගමය සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සංවිධාන කරනු ලැබූ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය සවුදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති OL Ameer Ajwad මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 11 වැනිදා උදෑසන. 7.30 සිට රාත්‍රී 12.00 දක්වා සංගීත ප්‍රසංගයත් සමඟ පැවැත්විය. රියාද්වල Chalets Bashayer Resort හිදී පැවැත්වුණ බක් මහ උලෙළට සවුදි අරාබියාවේ සේවය කරන විශාල පිරිසක් සහභාගි වූහ. තවද සවුදි අරාබියාවේ ආසියානු රටවල තානාපතිවරු මෙම අවස්ථාවට සහභාගි වී සංගීත පුටු තරගයකට සහභාගි වූහ.