Home » ජාතික ජන බලවේගයේ මඩගල්ල පක්ෂ කාර්යාලයට මැර ප්‍රහාරයක්

ජාතික ජන බලවේගයේ මඩගල්ල පක්ෂ කාර්යාලයට මැර ප්‍රහාරයක්

by sachintha
April 18, 2025 1:05 am 0 comment

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා පොල්පිතිගම, මඩගල්ල හන්දියේ දී පසුගියදා විවෘත කරන ලද ජාතික ජන බලවේගයේ පක්ෂ කාර්යාලයට පෙරේදා (16) රාත්‍රියේදි මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ගල්ගමුව මැතිවරණ බලප්‍රදේශයට අයත් පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මඩගල්ල කොට්ඨාසයේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා මෙම පක්ෂ කාර්යාලය ඉදිකර තිබුණි.

මැර ප්‍රහාරයෙන් කාර්යාලය ඉදිරිපිට සවිකර තිබූ අඩි හයක් දිග, දෙකක් පළල හා අඩි හයක් දිග තුනක් පමණ පළල පක්ෂයේ නම හා රුව සහිත බැනර් දෙකක් කපා කොටා විනාශ කර ඇතත් එය පවත්වාගෙන යන කාර්යාලයට ඉන් කිසිදු හානියක් නැතැයි පොල්පිතිගම පොලීසිය පෙන්වා දෙයි. සිද්ධිය සම්බන්ධව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙයි.

පැවති මැතිවරණ දෙකක උණුසුම හමුවේ වුවද කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් ප්‍රදේශය පුරා ඇති නොවන්නට සාමකාමී වාතාවරණයක් පවත්වාගෙන යමින් සිටියදීත් මෙවැනි පහත් අධම ක්‍රියාවන් තුළින් තම පක්ෂයේ නියත ජය කිසිවකුටත් වළකාලන්නට නොහැකි යැයි පක්ෂයේ නවක අපේක්ෂකයින් මෙන්ම පාක්ෂිකයෝද අවධාරණය කරති.

පොල්පිතිගම සමූහ – නන්දන කැලේගම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT