Home » බීමතින් හයදෙනකු පටවාගෙන අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීවීලරය බසයක ගැටේ

බීමතින් හයදෙනකු පටවාගෙන අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීවීලරය බසයක ගැටේ

- බරපතළ තුවාල ලැබූ පාසල් සිසුවා ඇතුළු තිදෙනෙක් රෝහලේ

by sachintha
April 18, 2025 1:03 am 0 comment

අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් හයදෙනකු බරපතළ ලෙස තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු බරපතළ තත්ත්වයේ සිටි පාසල් සිසුවෙකු ඇතුළු තුවාලකරුවන් තිදෙනකු මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවූ බව හැටන් පොලීසිය පැවසීය.

පෙරේදා (16) දින රාත්‍රියේ 7.30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ දික්ඔය නගරයේ දීය.

හැටන් සිට හැටන් ලෙදන්ටි වතුයාය දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයේ රියැදුරා අධික ලෙස බීමත්ව සිට ඇති බවත්, අවුරුදු දහතුනක පාසල් සිසුවකු ඇතුළු ඔහුගේ මිතුරන් සිවුදෙනකු ත්‍රිරෝද රථයේ නංවාගෙන අධික වේගයෙන් ත්‍රිරෝද රථය ධාවනය කරන අවස්ථාවේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් මස්කෙළියේ සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයේ ඉදිරිපස ත්‍රිරෝද රථයේ ගැටී මෙම අනතුර සිදු වී ඇති බවත්, අනතුරින් බස් රථයට සහ ත්‍රිරෝද රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි අනතුර පිළිබඳ අදහස් දක්වන හැටන් පොලීසියේ නිලධාරීන් පවසා සිටියේ.

බස් රථයේ රියැදුරා හැටන් පොලීසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT