පෙර පාසලේ යහළු දරුවාගේ නිෙවසට අවුරුදු ගමනක් යෑමේ දී ජීප් රථය පටු මාර්ගයෙන් ඉවතට පැන යක්කලමුල්ල, වෙලංගහ, හේනදෙණිය ප්‍රදේශයේ දී අඩි 150ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් ජීප් රථයේ ගමන්ගත් සිවුදෙනාගෙන් එක් අයෙක් මියගොස් තිදෙනෙක් බරපතළ තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
මෙසේ අනතුරට ලක්වී ඇත්තේ යක්කලමුල්ල, ගල්අමුණ ප්‍රදේශයේ පදිංචි කේ.ඩබ්. සුරන්ජි ඉමාෂා නැමති 29 හැවිරිදි එක්දරු මවකි. අනතුරින් තුවාල ලබා ඇත්තේ ජීප් රථය පදවාගෙන ගිය රියැදුරු ලෙස ක්‍රියා කළ ස්වාමියා වන අතර මියගිය තැනැත්තියගේ නැන්දණිය හා සිවු හැවිරිදි දියණියයි.
යක්කලමුල්ල ‘ලිට්ල් කිඩ්ස්’ පෙර පාසලේ ඉගෙනුම ලබන දියණියගේ යහළු දරුවකුගේ නිෙවසට අවුරුදු ගමනක් යමින් සිටියදී මෙසේ පෙරේදා (16) රාත්‍රියේ දී 7.00ත්, 7.30ත් අතර කාලයේ දී පටු මාර්ගයේ දී ජීප් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළී ඇත. ජීප් රථය ප්‍රපාතයට පෙරළෙන අතරතුරේදී නැන්දණිය හා මිනිබිරිය ජීප් රථයෙන් ඉවතට විසිවී ඇත. මියගිය සුරන්ජි ඉමාෂා ප්‍රපාතයටම පෙරළුණු ජීප් රථයෙන් අවසන් වරට එළියට විසිවී ඇත. ජීප් රථයේ ඇමැනුණු ගලක් ඇඟමත පෙරලීමෙන් බරපතළ තත්ත්වයෙන් බිරිය රෝහල් ගත කළ ද ඇය එහි දී මියගොස් ඇත. ජීප් රථය පදවා ඇති ආබාධිත සෙබලා, නැන්දණිය හා මිනිබිරියද බරපතළ තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇත. තුවාලකරුවන් බරපතළ තත්ත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
සිද්ධිය පිළිබඳව යක්කලමුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
අක්මීමන විශේෂ
සුනිල් ගමගේ
ගාල්ල දිසා සමූහ