ත්‍රිකුණාමලය භද්‍රකාලි අම්මාන් කෝවිලේ වාර්ෂික තේරු උත්සවයෙන් පසු පවත්වනු ලබන ‘තීර්ථම් මංගල්‍යය’ විශාල හින්දු බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් දිය කැපීමෙන් නිමාවට පත්වූහ.
භද්‍රකාලි අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජක රවි චන්ද්‍රන් කුරුකල් පූජකතුමාගේ මූලිකත්වයෙන් මෙම හින්දු ආගමික කටයුතු හා තීර්ථම් උත්සවය පැවැත්වුණි.
දිය කැපීමේ මංගල්‍යය ත්‍රිකුණාමලය කොටුව මුහුදු තීරයේදී සිදු කෙරුණු අතර ඒ සඳහා ද හින්දු බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වීම විශේෂත්වයක් විය. දිය කැපීමේ මංගල්‍යයෙන් පසු මුහුදට බැස ස්නානය කිරීම හින්දු බැතිමතුන් වාර්ෂිකව සිදු කරන අතර මේ තුළින් ලෙඩ රෝග සුව වන බවට හින්දු බැතිමතුන් අතර විශ්වාසයක් පවතියි.
ත්‍රිකුණාමලය විශේෂ – ඒ.ටි.එම්. ගුණානන්ද අමරජීව